(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලි)

ශ්‍රී ලංකාවට ගෑස් තොගයක් ගෙන ඒම සඳහා රජය ගෙවීම් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු තව දින තුනකින් පමණ බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට හැකි වෙතියි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

ඖෂධ ආහාර සහ පොහොර ලබා ගැනීම සඳහා ද ලෝක බැංකුව සහ ආසියා සංවර්ධන බැංකුව  සහයෝගය ලබාදීමට එකඟ වූ බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.