(බී. ජානක)
දෙහිවල සේනානායක මාවත මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයන් පිරිසක ගෙන් දියේ ගිලී මිය ගිය 24 හැවිරිදි තරුණයාගේ සිරුරු අද (2) දින උදෑසන දෙහිවල ඕබන් පෙදෙසේ මුහුදු තීරයෙන් හමු වී ඇතැයි දෙහිවල පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක කෝපායි ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. තරුණයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පස්වරුවේ මෙම ස්ථානයට පැමිණ දියනාමින් සිට ඇති බව පොලීසිය කියයි.
මෙහි දිය නෑමට ගිය පිරිස විවිධ පළාත්වල සිට රැකියාව සදහා පැමිණ දෙහිවල අල්විස් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ සේවය කරන පුද්ගලයින් බවත් ඔවුන් තමන් නවාතැන් ගෙන සිටින සේනානායක මාවතේ පිහිටි නිවසේ දී මත්පැන් පානය කිරීමෙන් පසු දිය නෑමට ගිය බවට අනාවරණය වී ඇතැයි දෙහිවල පොලිසිය පවසයි.
මේ සම්බන්ධව දෙහිවල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශනය සිදු කරගෙන යනු ලබයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.