(රංජිත් රාජපක්‍ෂ)
කේරල ගංජා ළඟ තබාගෙන සිටි තරුණයන් සිව්දෙනෙකු හැටන් සුරාබදු කාර්ලයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොවුන් කේරල ගංජා මිලිග‍්‍රෑම් 7550 ක් පැකට් කර ළඟ තබා ගනිමින් වෑන් රථයකින් ශ්‍රී පාද වන්දනාවේ යන අතරතුර දියගල සහ නෝටන්බි‍්‍රජ් මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බව සුරාබදු නිලධරයෝ පවසති.
සැකකරුවන් පුස්සැල්ලාව ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 22 වයස් කාණ්ඩවල පසුවන්නෝ වෙති.
මෙම සිව් දෙනා හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (4) ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී පාදස්ථානය යනු පූජා භූමියකි. එම පූජා භූමියට මත් වතුර හෝ වෙනත් මත්ද්‍රව්‍ය රැගෙන එන අයට දැඩි දඬුවම් දිය යුතුයි. ශ්‍රී පාදේ යාම වන්දනා ගමනක් මිස හුදු විනෝද ගමනක් නොවන බවට මතවාදයක් තහවුරු කිරීමට කටයුතු කල යුතුය. එය සිදු කිරීම රජයේ, සහ අනෙකුත් වග කිවයුත්තන්ගේ වගේම අප සැමගේත් යුතුකමකි.