රජරට ප්‍රදේශයේ අපරාධ ගනනාවකට සම්බන්ධ බවට සැක කරන කල්ලියක් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය සමත්වෙයි. 2016 නොවැම්බර් 26 අනුරාධපුර මුල්‍ය ආයතනයක රුපියල් කෝටි හතක් රං ආභරණ කිලෝ 11.5 කොල්ල කා ඇත්තේ ද මෙම කල්ලියම බව පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි. මෙම කල්ලියේ නායකයා ලෙස සලකන පුද්ගලයා නොච්චියාගම ප්‍රදේශයේදි අද උදේ අත්අඩංගුවට ගැනු ලැබීය. පසුගිය නව වෙනිදා ඉපලෝගමදී සුදු වෑන් රියකින් පැහැර ගැනීමට ලක් වූ බව කිවේ මෙම පුද්ගලයාම බවත් පහර ගැනීමේ සිද්ධියට ඔහුගේම නිර්මාණයක් බවත් සැකකරන බවත් රහස් පොලිසිය පවසයි. මෙම කල්ලිය විසින් රජරට ප්‍රදේශයේ සිදු කළ බව කියන මහා පරිමාන කොල්ලකෑම් දහයක් පමණ තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
ගහ ගහ ගහ වහාම ආපසු ක්‍රියාත්මක කරන්න, හියුමන් රයිට්ස්ලාට පොල්ගාන්න කියාලා. නැතිනම් අපේ රට ඉවරයි අපරාධ වලටම.
ගුරුන්ටත් අකුරු වරදී. පැහැර ගැනීමේ රංගනය පෑවේ නැතිනම් තව ටික කලක් එළියේ ඉන්න තිබුන.