IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තහඩු බෙදන්න යාම ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

(දයාරත්න ඇඹෝගම)
 
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ට පමණක් බෙදාදීමට සැලසුම් කර ඇති, තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලොරි 7කින් රැගෙන ආ සෙවිලි තහඩු බෙදීම වහාම අත්හිටුවන ලෙසට උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල මහතා විසින් අනුරාධපුර මැතිවරණ කාර්යාලයට අද(13) පැමිණිලි කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල මහතා මෙසේද පැවසිය.
 
“අද (13) උදෑසන සිට කොළඹින් ලොරි හතකින් දහස් ගණනක් සෙවිලි තහඩු රැගෙන ආවා. එම සෙවිලි තහඩු තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩ ගසා තිබෙනවා. මේ තහඩු ජනතාවට බෙදා දෙනවාට අපේ විරුද්ධතාවයක් නැහැ. ඒත් තහඩු නීතිවිරෝධී ආකාරයට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ට පමණක් බෙදාදීමට සැලසුම් කර තිබෙනවා.
 
මේ ජනාධිපති මැතිවරණ සමයේ මැතිවරණ නීතිරිති උල්ලංඝණය කරමින් සෙවිලි තහඩු බෙදීමට අපි විරුද්ධයි. එනිසා මේ සම්බන්ධයෙන් අපි මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයට පැමිණිලි කළා. මේ සම්බන්ධයෙන් සොයා බලා නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න. මැතිවරණය අවසන් වන තෙක් මෙම සෙවිලි තහඩු බෙදාදීම අත් හිටුවන්නැයිද ඉල්ලා සිටිනවා” යැයි කීය.
 
මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතාගෙන්ද තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් රේණුකා වන්සේකර මහත්මියගෙන්ද විමසු අවස්ථාවේ ඔවුන් කියා සිටියේ මෙම සෙවිලි තහඩු ගම්පෙරළිය වැඩසටහන යටතේ මීට මාස කිහිපයකට පෙර ඇණවුම් කල සෙවිලි තහඩු තොගයක් බවයි. තහඩු බෙදාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත්, ඒවා බෙදාදීමට අවශ්‍ය වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවත් ඔවුහු පැවසුහ.



අදහස් (3)

තහඩු බෙදන්න යාම ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ravi Sunday, 13 October 2019 10:16 AM

ඔය තියෙන්නේ...වහල්ලුන්ට, ගෝත්‍රිකයින්ට ඡන්දේ හුවමාරුවට තහඩු දීලා.

:       1       46

kasunSunday, 13 October 2019 03:59 PM

තහඩු ප්‍රතික්ෂේප කරපු කෙනෙක් ඉන්නවාද?

:       0       0

Sumith Sunday, 13 October 2019 01:12 PM

ඕවට ජනතාව රැවටෙන්නේ නෑ.පොහොට්ටුවට ජය නියතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site