
(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ ප්‍රදර්ශන දාමයේ වඩාත් ජනප්‍රිය ප්‍රදර්ශනය ලෙස නම් කළ හැකි ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන ජනවාරි 7 වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ.
මෙවර මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ වසර දෙකකට පසුවය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ හවුල්කාරීත්වයෙන්, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සංවිධානය කර ඇති අතර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙම ප්‍රර්ශනය සඳහා ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහභාගී කර ගැනීමට අවශ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කරමින් සහයෝගය පළ කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළ නැංවීමේ වැඩපිළිවෙල සඳහා ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය වැදගත්වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මැණික් සඳහා තිබෙන ඉල්ලුම මෙන්ම දිනාගෙන තිබෙන ජනප්‍රිය භාවය තව දුරටත් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණක් බව ද ඔහු සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
148
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
765
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුතු මැණික් කැටයම් ජනවාරියේ ලොවට පෙන්වයි