(බිඟුන් මේනක ගමගේ)
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් කර්මාන්තකරුවන්ට ලබාදෙන අබලි ද්‍රව්‍ය එක්තරා දේශපාලන පක්ෂයක අධාරකරුවන් යැයි කියන පිරිසකට ලබාදීමට ඉහළින් ලැබුණු නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා එහි අධ්‍යක්ෂවරයකුගේ වැඩ තහනම් කිරීමේ සිදුවීමක් ‘ලංකාදීප’යට වාර්තා වේ.
අබලි ද්‍රව්‍ය ලබාදීමේදී අදාළ පක්ෂයේ ආධාරකරුවන් යැයි කියන පිරිසට ක්‍රමවේදයට පිටින් තොග මුදාහැරීමට මෙම අධ්‍යක්ෂවරයාට බලපෑම් එල්ලවූවත් ඔහු ඊට අනුකූලතාව නොදැක්වීම මත මෙම තීරණය ගනු ලැබ ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවැසුවේ මූලික සුදුසුකම් නොමැතිව හිමිකම නොමැති තනතුරක පත්වීමක් දැරුවේ යැයි චෝදනාව මත මෙම වැඩ තහනම කළ බවයි.
කර්මාන්ත අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය මගින් කළ පරීක්ෂණයකින් පසුව මෙම තීරණය ගනු ලැබී යැයි ද ඒ අනුව වැටුප් හා දීමනා නොගෙවන පරිදි මෙම වැඩ තහනම ක්‍රියාවට නැගෙන්නේ යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් කීය.
කෙසේ වෙතත් රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයාව සිටි සමයේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් පාස්කු ප්‍රහාරකයකුට අයත් තඹ කම්හලට අබලි ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ලබාදී තිබුණේ ද මෙම නිලධාරියාගෙන් අදාළ රාජකාරිය වෙනත් අයකුට පැවරීමෙන් පසුවය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේදී එම කරුණු සියල්ල අනාවරණය වූ අතර මෙවර ද නැවත උද්ගත වී තිබෙන්නේ ඊට සමාන තත්ත්වයකි.
පාස්කු ප්‍රහාරකයකුට අයත් තඹ කම්හලට මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් අබලි ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ලබාදීම තොරතුරු දැනගැනීමේ පනත හරහා පළමු වරට හෙළිකරනු ලැබුවේ ‘ලංකාදීප’ පුවත්පත විසිනි.
COMMENTS
තොරතුරු දැනගනිමේ පනත මගින් තව තොරතුරු අරගෙන විස්තරේ ජනතාවට හෙළි කරන්න. දැන් එම පනත ක්‍රියාත්මක නැති බව සමහරු කියනවා
"මූලික සුදුසුකම් නොමැතිව හිමිකම නොමැති තනතුරක පත්වීමක් දැරුවේ යැයි චෝදනාව මත මෙම වැඩ තහනම කළ බවයි.".... කිසිවෙකු සේවයට බදවා ගන්නාවිට ඔහුගේ හෝ ඇයගේ සුදුසුකම් සොයා බලන්නේ නැද්ද යන්න අප මෙම "සභාපතියාගෙන්" විමසීමට කැමැත්තෙමු. සේවයට බදවාගෙන ( විශේෂයෙන් රජයේ සේවයට ) පසුව ඒ ඒ අයගේ සුදුසුකම් සොයා බලන්නේ එක්කෝ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ඉන්නට ඇත්තේ මෝඩයන් බව ස්ථිරය.
නිලධාරී තුමනි, ගෙදර ගියත් තමා හිතට එකඟව වැඩ කරා කියලා සැනසෙන්න.
සබාපතිගේ සුදුසුකම් සොයා බැලුවොත් හොදයි නේද? වියත් මග පිහිටවලා තෝරාගත වියතුන්ට වැඩක් කරන්න පුළුවන් කමක් තිබුනාද? අධ්‍යක්ෂවරයාගේ සුදුසු කම හොයන්නේ මොවුන්දේ පක්කලි වැඩ නොකරන නිසාද? මේවගේ සබාපතිවරු ගහල පන්නන්න ඕනේ. අධ්‍යක්ෂවරයාට අපි යෝජනා කරනවා එලියට ඇවිත් ඇතුලේ සිදුවෙන ඔක්කොම හොරමැරකම් කියන්න කියලා.
අවංක නිලධාරීන් මේ රජය යටතේ සේවය කරන්න සුදුසු නැහැ. දිවි ගලවා ගත හැක්කේ ඇමතිවරුන් විසින් පමණක් කළ යුතු දේ කරන රූකඩයන්ට පමණි.
කක්කුටු ආණ්ඩුවක් තියෙන රටක, කෙලින් වැඩ කරන්නත් දෙන්නේ නැහැ.
විමලේ විමලේ උත්තර දුන්නා නම්