IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සමගි ජනබලවේගයේ සභාපති සජිත් - ලේකම් මද්දුම බණ්ඩාර

අජන්ත කුමාර අගලකඩ

 

අපේ ජාතික පෙරමුණේ සභාපති ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නමද මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නමද මැතිවරණ කොමිසන් සභාව විසින් පිළිගනු ලැබ ඇත.

මේ අතර, අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නව සමගි ජනබලවේගය යනුවෙන් වෙනස් කිරිම ද මැතිවරණ කොමිසන් සභාව විසින් පිළිගෙන තිබේ.

මේ බව මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජනරාල් සමගි ජනබලවේගය පක්ෂයේ ලේකම්වරයා වෙත ඉකුත් 6 වැනිදා ලිපියකින් දැනුම් දී ඇත.

අපේ ජාතික පෙරමුණේ සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතා ද ලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද වශයෙන් තනතුරු වෙනස් කිරිමට අපේ ජාතික සභාව ගෙන ඇති තීරණය පිළිගන්නැයි සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය ඉකුත් 2 වැනිදා මැතිවරණ කොමිසන් සභාවට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව අදාළ තනතුරු වෙනස සහ පක්ෂයේ නව සමගි ජනබලවේගය යනුවෙන් වෙනස් කිරිම මැතිවරණ කොමිසන් සභාව විසින් පිළිගනු ලැබ ඇත.

අපේ ජාතික පෙරමුණේ සභාපති ලෙස සේනක ද සිල්වා මහතාද ලේකම් ලෙස, හිටපු පළාත් සභා මන්ත්‍රීන් ඩයනා ගමගේ මහත්මිය ද මීට පෙර කටයුතු කළහ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට ඉකුත් දා පක්ෂය ගත් තීන්දුව එහි නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්විය.

නව සන්ධානයේ මහලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කිරිමට එජාප මන්ත්‍රී කණ්ඩායම ගත් තීරණයට ඊයේ (10) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.

එහෙත් නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් ද ඉවත්ව ගියේය.



අදහස් (10)

සමගි ජනබලවේගයේ සභාපති සජිත් - ලේකම් මද්දුම බණ්ඩාර

kamal Tuesday, 11 February 2020 08:41 AM

සජිත් පුතා බය නොවන්න. පරදින හැටි මම පෙන්වෙමි.

:       558       777

dissanayaka Tuesday, 11 February 2020 09:56 AM

හොද පියවරක්... දිනන්න බැරි උනත් රනිල්ගේ යුඑන්පී එකට වඩා මන්ත්‍රිදූර ගණනක් ගන්න නම් පුළුවන් වේවි.

:       0       105

hashitha fernando Tuesday, 11 February 2020 09:58 AM

දැන් සමගියෙන් දිනාවි. බලමුකෝ.

:       1       1

ලැවොයිසියර් Tuesday, 11 February 2020 09:58 AM

ගෝඨා ජනපති, සජිත් අගමැති රටට දැයට සැමට යහපති !

:       0       52

RAJA Tuesday, 11 February 2020 09:59 AM

දරුවෝ ඉන්න තාත්තා කෙනෙකුට ජනාධිපතිකම දුන්නා වගේම අගමැතිකමත් මින් පස්සේ දෙන්නේ දරුවෝ ඉන්න තාත්තා කෙනෙකුටම තමා. නැත්නම් මේ අය අනාගතය ගැන හිතලා තීරණ ගන්නේ නෑ.

:       101       123

siriTuesday, 11 February 2020 12:03 PM

දරුවෝ ඇමෙරිකාවේ ඉන්න ඇමෙරිකන් පුරවැසියෙක් අපට වඩා රට ගැන කැක්කුමත් ඇති බව පැවසුවොත් ඒක සැබෑ ආදරයක් කියලා විශ්වාස කරන්න පුලුවන්ද, රාජා මහත්තයෝ ?

:       0       0

siri Tuesday, 11 February 2020 10:15 AM

එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ ඉතිහාසය තුළ " අලියා " ලකුණ සහ "පක්ෂයේ නම" ප්‍රතික්ෂේප කළ පළමුවන නායකයා හැටියට මොහු ඉතිහාස ගතවෙනු නොඅනුමානයි.

:       101       235

Bamunuarachchi Tuesday, 11 February 2020 10:44 AM

සමගි ජන බලවේගයේ තව ඉහළ තනතුරු හදලා ඔහෙලාම බෙදා ගන්න. අපිට මොකෝ. අපේ දිගින්ද හරහින්ද ?

:       5       10

Sarath Kulatunga Tuesday, 11 February 2020 12:56 PM

මේ සමගි ජනබලවේගයක්ද නැතිනම් අසමගිද නැතිනම් චන්ඩි ජනබලවේගයක්ද?

:       0       0

kumari Tuesday, 11 February 2020 08:53 PM

ලැවොයිසියර්, ගෝඨාගේ නම දාලා ගොඩ යන්ද හදන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 37 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site