මොහොමඞ් බුහාර්ඩින්
ගලේවෙල නගරයේ දඹගොල්ල පොලිස් ජංගම මුර සංචාරයේ යෙදි සිටි නිලධාරින් පිරිසක් දැක පලා යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමෙන් පසු ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී රුපියල් ලක්ෂ 20ක් වටිනා බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් මිලි ග්රෑම් 25240ක් අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
සැකකරු කොලඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු වන අතර මෙහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු පුද්ගලයකු බව පොලිසිය කියයි.
මොහු කොලඹ සිට යාපනයට හෙරෝයින් බෙදාහාරිමේ ජාවාරමක නිරත වී ඇති බවත් සැකකරු හෙට (6) දඹුල්ල මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලිසිය කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන ඔස්තාද් කෙනෙකු වීමට සුදුසු කම් ඇති බව පෙනේ. ජාතික ලැයිස්තුවෙන් හෝ වෙන ජිල්මාට් ක්‍රමයකින් හෝ මෙබඳු පුද්ගලයින් රටට ජාතියට සේවය කිරීම සඳහා යොදා ගත යුතුය. පළාත් සභා ඡන්දය සඳහා නොමිනේෂන් දීමට සලකා බැලීම සුදුසුය. එසේ නැත් නම් අඩුම ගන්නේ තානාපති කමක් වත් ලබා දුන්නොත් ෂෝක් ය!