ශ්රී ලංකාව හා ඉන්දියාව අතර ඇති මිත්‍ර සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කරලීම සඳහා අනාගතයේ ගත යුතු ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පැවති සාකච්ඡාවන්හි දී අවධාරණය කෙරිණි.
අද(24) ඉන්දියාවේ නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී මෙම සාකච්ඡා පැවැත්විණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමග සිදු කළ සාකච්ඡාවන් හි දී අවධාරණය කළ කරුණු සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් අදහස් හුවමාරු කර ගැනුණු අතර ඉන්දු - ශ්‍රී ලංකා හවුල් ව්‍යාපෘතීන් කඩිමින් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය සහ සිංගප්පූරුව එක්ව ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය හා නවීකරණය කරලීම උදෙසා ක්‍රියාමාර්ග ගැනීමේ අවකාශයන් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.


2025 දෙසැම්බර් මස 16
67
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
863
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දු - ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීමට සාකච්ඡා
senewi Friday, 24 November 2017 10:45 AM
ආපහු කොටින්ව නැගිට්ටලා ගුවනින් පරිප්පු ටිකක් දැම්මා නං වැඩේ හරියයි...