(ඩයනා උදයංගනි)
දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයෙහි පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් පළාත් පහකට අනිද්දා (29) දක්වා තද ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් නැගෙනහිර, ඌවල දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ත් 150ත් අතර ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.
මධ්‍යම කඳුකරයේ සහ නැගෙනහිර බෑවුම් ප‍්‍රදේශවලට (නුවරඑළිය, මාතලේ සහ බදුල්ල දිස්ත‍්‍රික්කවල සහ දකුණු පළාතේ ඇතැම් ස්ථානයන්හි පැයට කිලෝමීටර 50, 60 පමණ වේගවත් සුළං හමන බව ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා කීවේය.
්‍ඊට අමතරව දිවයිනේ සෙසු ප‍්‍රදේශයන්හිද පස්වරුවේ තද වැසි ඇතිවන අතර දිවයිනේ බොහෝ පළාත්වල අහස වළාකුලින් බරව පවතින බව ද ඔහු සදහන් කළේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පළාත් පහකට තද වැසි