ජුඩ් සමන්ත
හලාවත - පුත්තලම මාර්ගයේ කීරියන්කලිය ප්‍රදේශයේ දී සිදුවී ඇති අනතුරකින් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අද (24) අලුයම රෝහල් ගත කර ඇති බව මුන්දලම පොලීසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ආරුමුගම් (48) යන අය බවට හඳුනා ගෙන ඇත.
කොළඹ සිට යාපනය දක්වා භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් ආපදාවට ලක්වීම නිසා හලාවත - පුත්තලම මාර්ගයේ කීරියන්කල්ලිය ප්‍රදේශයේ මාර්ගය අයිනේ නවතා තිබී ඇත. කොළඹ සිට යාපනය දක්වා ගමන් කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරියක් ආපදාවට ලක්ව තිබූ ලොරියේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් සහ තුවාල ලබා ඇත්තේ කුඩා ප්‍රමාණයේ ලොරියේ ගමන් කළ පිරිසය. මිය ගොස් ඇත්තේ කුඩා ලොරියේ ඉදිරිපස ගමන් කරමින් සිටි අයෙකි. එම ලොරියේ සිටි සියළුම දෙනා මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
ලොරියේ රියදුරුගේ තත්ත්වය බරපතල බැවින් ඔහුව හලාවත මහා රෝහලට මාරු කර යවා ඇත. ලොරියේ පිටුපස ගමන් කරමින් සිටි දෙදෙනෙකු මුන්දලම දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.