රජයේ දවසක ආදායම රුපියල් බිලියන 5.2ක් වනවිට වියදම රුපියල් බිලියන 7.2ක් වන බව රජයේ ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

ඒ අනුව සෑම දිනයකම රජයේ ආදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 2 ක් හෙවත් කෝටි 200 ක් බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,  උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.