
(නන්දන ඩී.කෙහෙල්ගමුව)
උත්තර ලංකා සභාගයේ පළමු මැයි රැළිය එහි ජාතික සංවිධායක ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ්පාර්ක පිටියේදී අද පස්වරුවේ පැවැත්විණි.
විජාතික මැදිහත්වීම්වලට රජ්‍ය දේපළ විකිණීමට ඡන්ද කල්දැමීමට,ජනතා මර්දනයට, සුභ සාධක කඩප්පාදුවට එරෙහිව මෙම මැයි රැළිය සංවිධානය කොට තිබුණි.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ධජය යටතේ, එම පක්ෂයට අයත් වෘත්තීය සමිති සාමාජික සාමාජිකයන් පෙළපාළියකින් මැයි රැළිය පැවැති ක්‍රිඩාංගනයට පැමිණියේය.
මැයි රැළිය අමතමින් උත්තර ලංකා සභාගයේ සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද විජය ධරණී ජාතික සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලිය රතන හිමියෝද, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් දොස්තර පී.වීරසිංහ යන මහත්වරු ඇතුළු කීප දෙනෙක් මෙහිදී කතා කළහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
879
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උත්තර ලංකා සභාගයේ මැයි රැළිය
ගනේගොඩ Tuesday, 02 May 2023 02:15 PM
පලවෙනි පින්තූරය දැකපු ගමන්, මට හිතුණා වේදිකා නාට්‍යයක් කියලා... දෙවෙනි පින්තූරයෙන් අපිට පේනවා මේක එයාලාගේ පවුලේ අය පමණක් සහභාගී වුණු, මැයි රැලියක් කියලා...