IMG-LOGO

එජාපෙ ජනබල මෙහෙයුමකට යයි


 
 
(නිමල කොඩිතුවක්කු)
  
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ ඊළඟ පියවර ලෙස  මහා ජන බල මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ.


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන  ජන බල මෙහෙයුම මධ්‍යම පළාතේ ප‍්‍රධාන නගරයකින් ආරම්භ කර කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතය.


2004 එක්සත් ජාතික පක්ෂ රජය යටතේ කි‍්‍රයාත්මක කළ ජනබල මෙහෙයුම ආකාරයට නගරයෙන් ජනතාව ඒකරාශී කර ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් සමඟ කොළඹ  නගරයට ඇතුළුවීම  ජනබල මෙහෙයුමේ අරමුණ බව  එක්සත් ජාතික පක්ෂ මහාල්කම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.


ජනබල මෙහෙයුම ක‍්‍රියාත්මක කරන දිනය, ස්ථානය සහ  දින ගණන යන සියලූ  කරුණු බදාදා(5) ප‍්‍රකාශයට පත් කිරිමට එක්සත් ජාතික පෙරමුණ තිරණය කර තිබේ.



අදහස් (14)

එජාපෙ ජනබල මෙහෙයුමකට යයි

Ratne Sunday, 02 December 2018 12:46 PM

මෙච්චර වදවෙන්න දෙයක් නෑනෙ, 2015 ලැබුණු ජන වරමෙන් අඩුම තරමින් අවුරුදු 5ක් වත් මහබැංකු වංචාව වැනි ක්‍රියාවන් සහ සම්පත් විකිණීමේ ක්‍රියාව සිදු නොකර හිටිය නම්... දැන් ඉතිං ඡන්දවලට බයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා ටික ආරක්‍ෂා කර ගනිමින් කොහොම හරි තව මාස 10-15 ක් ආණ්ඩුව කරන්න දඟලනවා.

:       715       963

menna Sunday, 02 December 2018 01:12 PM

ඒජපෙ වීඩියෝ පටි බැලුවම හැම වෙලාවේම අහන්න ලැබෙන්නේ, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැනයි. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියකියා බොරුවක් කරන්නේ. පාර්ලිමේන්තුවට මොකටද ප්‍රජාතන්ත්‍රවාදයක්... ජනතාවටයි ප්‍රජාතන්ත්‍රවාදය ඕනේ. අද වෙන දේවල් දැක්කම පාර්ලිමේන්තුවක් ඕනෙද කියලත් හිතෙනවා. පාර්ලිමේන්තුවේ වියදම් අඩු කරන්න එතැනට යන අයව අඩු කළොත් හොඳයි කියලා හිතෙනවා. පාර්ලිමේන්තු.. පාර්ලිමේන්තු.. කියකියා රදළ පැලැන්තියේ විකාර කියව කියව ඉන්න එකයි කරන්නේ. මේක බොරුවක්. යුරෝපේ දේශපාලන ලංකාවට හරියන්නේ නැහැ.

:       560       942

sirimal Sunday, 02 December 2018 01:14 PM

ඒ කියන්නේ අන්තිම සාකච්ඡාවත් "හබක්" ද?

:       0       128

senaa Sunday, 02 December 2018 02:16 PM

2015 ජනවාරි 8 ජනපති දිවුරුම් දුන් සැනින් පාර්ලිමේන්තුවේ අාසන 41 තියන් අගමැතිකම බලෙන් වගේ ගත්තා. ඊටපස්සේ පෙබරවාරියේ ඉඳන් ලාභ උපයන්න පටන්ගත්තා මහබැංකුව කඩලා. හිතවතුන්ට ලාභ උපයන්න රේගුවංචා කළා. මිතූරන්ට වාහන ගේන්න මෝටර් ට්‍රැෆික් එක යෙදෙව්වා. දීනයින්ට රජයේ අායතන වලින් මහජන මුදල් ගෙවා අපිට ප්‍රජාතන්තරේ ගැන දේශනා දුන්නා. ටැක්ස් නහයට උඩින් යන්න ගැහුවා. මොනවා කළත් මේ බඩගෝස්තරයින්ට අපි ඒකතු වෙන්නෙත් නෑ. ඡන්දේ දෙන්නෙත් නෑ.

:       714       706

surangaSunday, 02 December 2018 03:49 PM

මහ බැංකුව ලාභ උපයනවා කියපුවාම ආයේ ඉතින් තව කථා කුමටද?

:       2       29

Bamunuarachchi Sunday, 02 December 2018 03:07 PM

ඔබලා හිතනවද මේ අවුරුදු 4 ම ඔබලාගේ කෙරුවාව අත්වින්දා, 2018දී මහින්දට හා ශ්‍රී ලංකා පක්ෂයට ඡන්දය දුන් මහින්දගේ ජනතාවයි ශ්‍රී ලංකා පාක්ෂිකයෝයි එජාපයට හැරිලා කියලා. එදා මහින්දට ඡන්ද 50ලක්ෂයක් ලැබෙන විට ඔබලාට ලැබුණේ 36 ලක්ෂයකි. සිරිසේනට ලැබුණේ 15 ලක්ෂයකි. එජාපයට ආවඩමින් රට පුරා දුවන්නේ ඔය ලක්ෂ 30 න් කොටසකි. එජාප නායකයෝ ඒ බව හොඳින් දන්නා නිසා ඡන්දෙකට යන්න බයයි...

:       15       233

සේනක Sunday, 02 December 2018 03:47 PM

සමනළ සංවිධානයට අායිත් ජනබලයක් ලැබෙන්නේ නැහැ මහත්තයෝ... ඒ නිසා නිකම් කාලය කා දන්නේ නැතුව තියෙන ඒවා ඔක්කොම වහගෙන ගෙදරට වෙලා ඉන්න.

:       16       72

Sumith Sunday, 02 December 2018 04:32 PM

දැන් ඕවා කරලා වැඩක් නැහැ. මහමැතිවරණයක් තිබුණොත් ගොඩක් විශ්‍රාම ගන්වයි ජනතාව...

:       15       166

Sumith Sunday, 02 December 2018 04:44 PM

බැංකුවේ මුදල් ටිකට විද්ද නිසා ජනතාවට එපා වෙලා ඉන්නේ. අවුරුදු 3ක් ජනතාව අසරණ කළා.

:       24       127

Sumith Monday, 03 December 2018 01:28 AM

මැතිවරණයට බය නිසා ඔයා වැඩකරනවා කියලා ජනතාව දන්නවා. ජනතාවට ඔය ගමනින් ජීවිතයට පාඩමක් වෙයි.

:       0       0

Sumith Monday, 03 December 2018 01:41 AM

ආයෙනම් ජනවරමින් බලයට ඒම ඉටුනොවන සිහිනයකි.

:       0       0

Bamunuarachchi Monday, 03 December 2018 03:40 AM

නරකද කලින් කලාවගේ පාරේ වාහන නවත්වාගෙන හෝන් ගැසුවානම්, නැතිනම් කුස්සිවල තිබෙන ඇතිලි වළං වලට තට්ටු කළානම්. යනවා මහජන ඡන්දෙකට ජනතාව කැමති නම්... ඔබලාට ඡන්දය දේවි.. නැතිනම් දේශපාලනයෙන් අතුගා දමාවි...

:       0       0

chamath Monday, 03 December 2018 05:43 AM

ජන බලය තියෙන්නේ ඡන්දයෙන් කියන එක අමතක කරන්න එපා

:       1       49

Athula k Monday, 03 December 2018 08:21 AM

වළං මුට්ටි පොළවේ ගහන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 74 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 633 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site