(බිඟුන් මේනක ගමගේ )
ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡන්දය වෙනත් අයෙකු පාවිච්චි කිරීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වූ ගලේවෙල මැදබැද්ද ප්‍රදේශයේ ඡන්දදායිකාවට එම සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය නම් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි යැයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
එවැනි සිදුවීමකදී ඡන්ද පොළ නිලධාරින්ට ගත හැකි විකල්ප පියවරක් නැතැයි ද රත්නායක මහතා අවධාරණය කර කීය.
ජනාධිපතිවරණයේදී මැදබැද්ද මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගිය අවස්ථාවේදී තම ඡන්දය වෙනත් අයකු විසින් ප්‍රකාශ කරනු ලැබීම නිසා මෙම සිදුවීමට මුහුණ පෑවේ ගලේවෙල මැදබැද්ද ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන පත්තිනිගෙදර කුසුමාවතී නමැත්තියයි.
පසුව තමා ඒ ගැන ඡන්දපොල බලධාරින්ට පැමිණිලි කළ ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබුණේ නැතැයි ඇය මාධ්‍යට ප්‍රකාශ කර තිබිණ.
COMMENTS
1982 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමාගේ ඡන්දයත් හොරට දාලා තිබුනා. එතුමා ඡන්ද පොලට යනකොට. මට තාම මතකයි පත්තරේ පින්තුර තිබුනා. හැබැයි එතකොට අනුර ශ්‍රී ලංකා එක ඇතුළෙන්ම තමන්ගේ අපේක්ෂයාට විරුද්ධ අතරේ යුඑන්පී එකත් ජයටම වැඩ කරා. ඒ නිසා කවුරු හොර ඡන්දෙ දැම්මද දන්නේ නැහැ. ඒ වෙලාවේ අනුර සහ චන්ද්‍රිකා ශ්‍රී ලංකා එකේ බලය ගන්න මරාගන්නවා, ඒ නිසා චන්ද්‍රිකා සහ විජය කොබ්බෑකඩුවට වැඩකරා. අන්තිමට චන්ද්‍රිකා බලය ගන්න බැහැ කියලා තේරුනාම පක්ෂය කඩා ගෙන ගිහින් මහජන පක්ෂේ හැදුවා. දැන්නම් ඕවා මතකත් නැතුව ඇති.
ඡන්දෙ අස්සේ අමතක වුනානේ. රනිල් එජාපයේ නායකයා වී 25 වන සංවත්සරය මේ මාසයේ සැමරීමට ඇත.
මාර රටක්නේ....
දුප්පත් අසරණ අපිට මැතිවරණ කොමිසමෙන් නඩුගාස්තු සදහා අවශ්‍ය මුදල් දෙනවානම් අධිකරණයට යාහැකියි..සමහර ගම්වල එකම නම හා වාසගම තියෙන අය කොතරම් ඉන්නවාද? ඒ් ගැන අවධානය යොමුවේවා !
ජන්දදායකයාට අධිකරණයට යා හැකියි කීමට ඔබට ලැජ්ජා නැද්ද? ඔබලාට මහජනයා ගෙවන මුදල් වලට වැඩ කරා නම් ඔය වගේ දේවල් වෙන්නේ නෑ. අඩුම තරමේ ජන්දයක් එනකං නිකං ඉන්නේ නැතිව වැඩ පිළිවෙලක් යොදන්න. කී දෙනෙක් ඉන්නවද ලක්ෂ ගණන් පඩි ගන්න ඔය දෙපාර්තමේන්තුවේ ?
ලැජ්ජයි මේ කතාව..