නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ හදිසි නීතිය ඉවත් කිරීමට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා තීරණය කර ඇත.
මාස දෙකක් ඇතුළතදී වයිරසයේ පාලනය කිරීමට සමත්වූ බවත් එබැවින් ‘ලොක්ඩවුන්’ ඇතුළු දැඩි සීමා ලිහිල් කරන බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා අද (25) පැවැසීය.
නව ආසාදිතයන් වාර්තා වීම අඩු වීමත් සමඟ සමාජ දුරස්ථභාවයට අදාළව පනවා තිබූ සීමා ලිහිල් කිරීමට ජපාන බලධාරිහු මැයි 14 වැනිදා පියවර ගත්හ. එහෙත් ටෝකියෝ සහ ප්‍රධාන පරිපාලන ප්‍රදේශ හතකර දැඩි සීමා අඛණ්ඩව පවත්වාගෙන යෑමට ජපාන බලධාරීහු ක්‍රියාකළහ.
ජපානය යනු ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටයි. ජපානයෙන් අද (25) වනවිට ආසාදිතයන් 16,600කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබුණු අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත 839ක් ලෙස දැක්විණි.
ජපානය නව කොරෝනා වයිරසයේ ‘‘ව්‍යවසන කලාපයක්’’ වනු ඇතැයි මීට මාසයකට පෙර සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබිණි. කෙසේ නමුත් රජය ඊට දැක්වූ ප්‍රතිචාරය හේතුවෙන් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගැනීමට හැකිවූයේ යැයි පැවසේ. ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ ප්‍රසාදය ද හිමි වී ඇත.
ද ගාඩියන් /රොයිටර්
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.