(නිමන්ති රණසිංහ)
ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයන් ව්‍යාජ ලෙස සකස් කර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති වෙත ඉදිරිපත් කරමින් මුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු විශේෂ අවස්ථා අධ්‍යක්ෂකවරයා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයකලා මහේෂ්වරී මහත්මියගේ පෞද්ගලික උපදේශිකාව ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (10) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අංක 14, කැම්බල් පෙදෙස, දෙහිවල පදිංචි කැසල් ෂෙරීන් ඔස්මන් (පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයකලා මහේෂ්වරී මහත්මියගේ පෞද්ගලික උපදේශිකාව) සහ නො. 70, එදිරිසිංහ පාර, මිරිහාන, නුගේගොඩ පදිංචි රුවන් ධර්මපි‍්‍රය එදිරිසිංහ (ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල අධ්‍යක්ෂකවරයකු ලෙස සේවය කළ) සැකකරුවන් දෙදෙනාය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.