(ඩයනා උදයංගනී )
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවල ගමන් ගන්නා මගීන්ගේ විනෝදාස්වාදය සඳහා භාවිතා කළ හැකි පහසුකම් පිළිබඳ පත්‍රිකා සහ විස්තරාත්මක තොරතුරු ඇතුළත් සඟරා සැපයීම සඳහා විදෙස් සමාගමක් වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 5.92ක කොන්ත‍්‍රාත්තුවක් (ප‍්‍රසම්පාදනයක්) ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එළඹෙන අගෝස්තු මස පළමු වැනිදා සිට වසර තුනක කාලසීමාවක් සඳහා ඉන්ලයිෆ් ඩබ්ලින් නැමති සමාගම වෙත මෙම කොන්ත‍්‍රාත්තුව ලබාදීමට නියමිතය.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට මෙම අනුමැතිය හිමි වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඟරා බල බල යන්නේ නෑ හැම කෙනාම ෂීට් එක ඉස්සරහ තියන ටීවි එක බල බල යනවා.
තවත් හොර මගඩියක්? අපිත් ඕනා තරම් විවිධ අයත් ගුවන් සමාගම් වලට අයත් ගුවන් යානා වල ගිහින් තිබෙනවා. මෙවැනි විකාර වලට මුදල් යොදවලා නාස්ති කරන්න තරම් ඒ කිසිවෙක් මෝඩ නැහැ. ගුවන් මගීන්ගේ අසුන ඉදිරිපසින් දිස්වෙන තිරයෙන් තමන්ට කැමති පරිදි චැනලයක් තෝරාගෙන සතුටු වෙන්න තරම් නවීන පහසුකම් ඔවුන් සපයා තිබෙනවා. ජානවලින්ම එන හොරකම හැරුණු විට වෙනත් නිර්මාණාත්මක හැකියාවක් නම් නැහැ.
ඩොලර් මිලියන 5.92ක් කියන්නේ රුපියල් මිලියන 950 වගේ. අනේ මන්ද ඕක දුන්නේ නැති වුනොත් මිනිස්සු යන්නේ නැත්ද ?
10% අඩුම කොමිස් එක US $ 600,000/- රුපියල් මිලියන 100 ක් විතර. නරක නෑ. කී දෙනෙකුට බෙදුනද දන්නේ නෑ. මේක පාරවල් වලින් ගැහිල්ලට අමතරව.
කාලානුරුපිව වෙනස් නොවි කරන තවත් වැඩක්. නමුත් කරන්න ඔනා හොදම දේ තමයි, සේෆ්ටි ඉන්ට්‍රඩක්ෂන් විඩියෝ එකක් හදන එක. නමුත් ශ්‍රිලංකන් හැම ගුවන්යානාවකම ඔන් බෝඩ් එන්ටර්ටේන් නැති නිසා කාඩ්එක ගහන එක හරි කියමු. සගරා ගහන එකට රට කම්පැනි නැතුව කරන්න පුලුන් හොදටම. අනික ඇඩ් ටිකක් අරන් ලස්සනට කරනන් පුලුවන් ලාබත් තියන්. මේක නම් ගේමක්ම තමයි. සුදු අලියාගේ තින්ත ගානවා.
ගුවන් මගීන්ට හරියට කන්න දෙයක් දෙන්න. පැය ගණනක් රස්තියාදු වෙලා ගුවන් යානයට නැග්ගම දෙන්නේ මෙලෝ රහක් නැති බනිස් ගෙඩියක්. තේ එකක් ඉල්ලුවම ලැබෙන්නේ එහෙමත් දවසක.
ලංකාවේ මහා පරිමාණිකව කරන ප්‍රතිසම්පාදන කටයුතු ගණනාවක් වසර ගණනාවක ඉඳන් දිනා ගන්නේ විදේශීය සමාගම්. ඒකට හේතුව දේශීය සමාගම් මේවට අය කරන අධික මිල. ඒ වගේම කොයි සමාගම ගත්තත් කවුරු හරි දේශපාලකයෙක් ඒ දේශීය සමාගම පස්සේ.
මොන බම්බුවේ සඟරාද? යන හැමෝටම තවත් කිලෝ දහයක් වැඩිපුර ගෙනියන්න දෙනවා කිව්ව නම් රොත්ත පිටින්ම විනෝදාස්වාදය තිබුණත්, නැතත් යන්නේ ඔය ප්ලේන් එකේම තමයි.