
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වසංගතයෙන් කඩා වැටුණු ලෝකය ගොඩගැනීමේ සැළසුම් සකස් කිරීමට ලෝක මට්ටමේ සමුළුවක් කැඳවිය යුතු බවත් තනි තනි රටවල් ලෙස මෙම අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලෝක මුහුණ දුන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඇමරිකාවේදී එවැනි සමුළුවක් පැවැති බව කී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නමුත් ලෝකය මේ දක්වා එවැනි සමුළුවකට සූදානමක් නොමැති බව ද සඳහන් කළේය.
කොවිඩ් සමඟ ඇති වූ අර්බුදය අදට වඩා හෙට තවත් වැඩි වන බවත් තමන්ගේ රටේ මිනිස්සු පිළිබඳව විශ්වාසය තබා දේශපාලන, පක්‍ෂ සහ පාට භේදයෙන් තොරව හැම කෙනෙක්ම මොනවා හරි වැඩි වැඩියෙන් වැඩ කළ යුතු බවත් අමාත්‍යවරයා කීය.
කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ ලංකා සතොස ශාඛාව විවෘත කිරීමේ උත්සවයේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.
එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“මීට වඩා මේ අර්බුදය අඩුවෙන් තියෙන අවස්ථාවේදී දෙවැනි ලෝක යුද්ධයේදී ඒ සරළ මිනිස්සු ඒ සඳහා පිළිතුරු සොයා ගැනීමට නොහැකි නිසා අමරිකා එක්සත් ජනපදයේ සම්මේලනයක් තිබුණා. ඒ සම්මේලනයේදී ලෝක ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥායෙක් වන ජෝන් මෙනාඩ් කේන්ස් සැලැස්ම කියලා එකක් ඉදිරිපත් කළා ලොකය ගොඩගන්න. ඊට පසුව වයිට් සැලැස්ම කියලා තව එකක් ඉදිරිපත් කළා. ඒ සැළසුම් දෙක පිළිබඳව ආර්ථික විශේෂඥායො සාකච්ඡා කරලා දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශ වෙච්ච ලෝක ගොඩගැනීම සඳහා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලයි හැදුවා”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ වරදින පොට පෑදෙනකොට ඇත්ත තේරුම් යනවා නේද? තව ටික දවසක් යනකොට තව තව යනකොට, ‘‘ අර ලංකාවට තේ ගෙනාපු ලිප්ටන්ගේ ආච්චිටවත් කරන්න බැරි වූ දේ කරාවි..‘‘. හරියට කරන ක්‍රමවේදයක් ගැනත් හිතන්න.
ලෝකයා ගොඩගන්න කළින් සුදුළූණු කේස් එක විසඳලා හොරුන්ව පෙන්නන්නකෝ... අර පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් එළියට ගිය මහත්මයාව ආපහු වැඩට අරගෙන... අපිට ඕනේ හොරු නෙමෙයි.., කෙළින් වැඩකරන මිනිස්සු...
ලෝකයා කෙසේවෙතත් රට නම් දැඩි ලෙස කඩා වැටෙමින් පවතින්නේ... බොරු කතා එපා..!
නිකන් බොරු කයිවාරු කියවන්නේ නැතුව ඉන්න... දැන් තමන්ගේ වැඩබැරියාව වහගන්න එක එක ලොකු කතා කියකිය කල් මරනවා. මොහු තමයි දැනට මේ අදක්ෂ රජයේ අදක්ෂම ඇමතියා...
සතොසේ සුදු ළූණු වංචා සිදු වුනෙත් කොවිඩ් වසංගත නිසාද?
ලෝකෙ ගොඩදාන්න නේද? ඔබතුමා කරදර වෙන්න එපා. මේක ගොඩදාන්න නැත්නම් රාජපක්ෂවරුන්ගෙන් අපව බේරෙන්න...
ඔයා හැමදාම කියෙව්වා මිසක් කරපු දෙයක් නැහැනේ. ලෝකය අපී තරමටම කඩා වැටී නැත. අන්තර් ජාතිකව, අපේ රුපියල සීග්‍රයෙන් පල්ලම් බහින්නේ අප ලෝකයට වඩා දරුණු ලෙස කඩා වැටී ඇති නිසයි.
ඔය කට්ටියක් එක්ක අපට නම් ගොඩ යාමක් නැත .
සතොසේ බඩු වර්ග කියියක් තියෙනවද.?
සක්කරයාගේ තාත්තට කියලා බැලුවානම්.
ගරු ඇමතිතුමනි, ඔබ විසින් කරන ලද බොරු ගෝනියෙන් තවත් එකක්.!111
එළහරක් සමග මීහරක් එකට ගාල් කරලා හරියට වැඩක් කර දියුණුවක් ගන්න බැහැ ගුරුතුමා.