(රංජන් කස්තුරි)
විශ්වාස භංගය යෝජනාව ගැන ඡන්ද විමසීමේදී තමන් වහන්සේ ඡන්දය දීමෙන් වැළකී සිටින බව අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී පැවසූහ.
රතන හිමියන් එලෙස කීවේ පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී රතන හිමියෝ වැඩිදුරටත් මෙසේ පැවසුහ.
‘ආණ්ඩුවට තව අවුරුද්දක් දෙනවා. එම අවුරුද්දක කාලය ඇතුළත කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධ යෝජනාවලියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට බාර දුන්නා.’
‘එම යෝජනාවලිය තුළ රට ගොඩනගන්න අවශ්‍ය යෝජනා තියෙනවා. පක්ෂ තුනම එකතුවෙලා මේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වෙනවා’ යැයි රතන හිමියෝ සඳහන් කළහ.
2025 නොවැම්බර් මස 17
78
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
914
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2535
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඡන්දය දීමෙන් වළකින බව රතන හිමියෝ කියති
Shan Wednesday, 04 April 2018 11:18 AM
ඒක හොඳයි හොරු එක්ක නිදියනවට වැඩිය. තෙරුවන් සරණයි.
මෝඩයා Wednesday, 04 April 2018 11:26 AM
හැ !!!! දැන් දවස් කීපයකට ඉස්සෙල්ල මොනවද කිවේ? මුසාවාදා වේරමණී සික්කා පදං සමාදියාමි.
gunarathna Wednesday, 04 April 2018 11:32 AM
දෙන් එතකොට කෝ අර කීව එජාප එකේ කට්ටිය.සිවුර පොරෝගෙන බොරු බේගල් ඇදබාන එකද සිල්වත් කම කියන්නේ..හාමුදුරුවෝ දැන් දන්නවා ඇති සිවුරට වඩා සල්ලිවලට කරන්ට පුළුවන් දේවල් ගැන.....
Raveendra Wednesday, 04 April 2018 11:38 AM
මවුබිම වෙනුවෙන් පොරණේ ... දිවිදුන් විරු දරුවන්ගේ... ලේවලිනුයි ඒ දෙරණේ .... මිනි කැට මුතු ඇට මැවුනේ ...
Sunil Wednesday, 04 April 2018 01:05 PM
අනේ, ඇයි පක්ෂව ඡන්දෙ දුන්නේ නැත්තේ? අනේ අපේ විශ්වාසය බංග කලේ ඇයි.
vidya Wednesday, 04 April 2018 11:54 PM
හාමුදුරුවනේ අන්තිමට හරි තේරුම් ගිය එක හොඳයි
ලුම්බිණි Thursday, 05 April 2018 01:04 AM
මොනවද හාමුදුරුවනේ වෙලා තියෙන්නේ? කියන්නේ එකක් කරන්නේ එකක්.
Tissa Thursday, 05 April 2018 03:31 AM
මෙන්න මැදිහත් ප්‍රතිපත්තිය.බුදුසසුන බැබලෙව්වා.
දිලුම් Thursday, 05 April 2018 04:23 AM
සාසනේ හිටියත් සල්ලි රහයි. ගිහි ඇත්තන්ට ඒක තේරුමි ගන්න බැරුවයැ මයෙ හිතේ.