(අංජුල මහික වීරරත්න)
කොවිඩ්-19 සහ ඩෙංගු සම්ප්‍රේෂණය කළමනාකරණය සහ පාලනය කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය සහ විශේෂඥ කමිටුවක් නම් කර ඇත.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍ය කමිටුවේ නායකත්වය දරන අතර, විශේෂඥ කමිටුවේ ප්‍රධානියා ලෙස වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පත් කර ඇත
COMMENTS
මරු කමිටුව මේකේ ඉන්නේ ලංකාවේ ඉන්න නෙවෙයි, ලෝකෙම ඉන්න අංක එකේ virologist ලා කව්ද? දිනේෂ් සහ සීතා මාරම දේශපාලන කාලකන්නියෝ ඩබලක්...!!! ඔන්න බලාපල්ලා ඩෙංගු මදුරුවාට ඔවුන් හිටිතැන් නැති කරලයි මේ බාන පස්ස බලන්නේ...!!! අයියෝ මගේ රට!!!
රටේ ඩෙංගු පාලනයටත් දෙවියන්ගේම පිහිටයි. වෛරස් රෝග පිළීබඳ මහාචාර්ය කෙනෙක් තමයි තිස්ස විතාරණ කියන්නේ... MRI එකේ හිටපු ආදි ශිෂ්‍ය එයාලාගෙන් වැඩක් නැතිව නාඩගම් නටන හැටි.
කමිටුවේ ලොක්කට හොඳට බෙරිහන් දෙන්න පුළුවන්... ඒ නිසා හේන්වල අලි එළවන්න දැම්මොත් හොඳයි.
ඩෙංගු මදුරුවා බෝවීම පාලනය, මදුරුවාට ඩෙංගු විෂබීජ ලබාගන්න තියෙන තැන් අවහිර කිරීමට, සියලුම ඩෙංගු වැළඳුණු රෝගීන්ට මදුරු දැල් භාවිතා කිරීම අනිවාර්ය කිරීම...
ඩෙංගු මදුරුවන් බෝවී, ඩෙංගු මරණ ගණන වැඩි වෙන්නට පටන්ගත් විට තමයි වගකිවයුතු නිලධාරීන් බලධාරීන් නින්දෙන් අවදි වෙන්නේ. නූගතුන් රජවූ ලෝකයක උගතුන්ට නිසි පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. රටේ ජාතික ධනයෙන් ඉගෙනගත් උගතුන්ගෙන් රටට සේවයක් සලසන්නට නූගත් දේශපාලනඥයින් ඉඩ දෙන්නේ නැහැ. මේ සත්‍ය නොදන්නා රටේ ඇතැම් දෙනා උගතුන්ට දොස් කියනවා. ඒත්, බොහෝවිට මේ රටේ උගතුන්ට උපදෙස් දෙන්නේ අදාළ ක්ෂේත්රය ගැන පරිපූර්ණ දැනීමක් නැති අය. පර්යේෂණ කරන විද්වතුන් හට නිසිපරිදි පහසුකම් සපයා ඔවුන් දිරිමත් කොට ඒ අයගේ බුද්ධි මහිමය ඩෙංගු උවදුර මර්ධනය කිරීමට යොදවන්න පුළුවන්. ඒත්, සිදුවන්නේ, අදාල ක්ෂේත්රය ගැන මෙලෝ දැනීමක් නැති ඇතැම් දෙනා විකාර නටා ප්රශ්නය අවුල් කිරීමයි. රටේ පහත් බිම්, කාණු, දිය අගල්වල මදුරු කීටයින් වැහි වැහැලා. ඒත්, පොලිසිය සේ නිල ඇඳුමේ බලයෙන් මත්වූ පී.එච්.අයි වරුන් නිවෙස්වලට පැන විශාල දඩ නියම කරනු පෙනේ. කෙසෙල් පිතිවල රැඳි ජලයෙන් බෝවෙන කෝටි ගණන් කීටයින් ගැන යමක් කිරීමට ඔවුන් දැනුවත් නැහැ. මදුරුවෙකු නිසා රටේ තියෙන කෙසෙල් වගාව විනාශ කරන්නත් බැහැ. ඒ නිසාමයි අදාල ක්ෂේත්රයේ විද්වතුන්ගේ පර්යේෂණ බුද්ධිය මේ සඳහා යොදාගත යුතු වන්නේ...