IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


රෝහල් ගාස්තු නොගෙවු විදේශිකයා අත්අඩංගුවට

(ජේ.කේ.එල්.චාමින්ද)
 
කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඉන්දීය ජාතිකයකු රෝහල් ප්‍රතිකාර ලබාගැනීමට අදාළ ගාස්තු නොගෙවීම සම්බන්ධයෙන් එම විදේශීකයා ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


මොහු ජිනේෂ් කුමාර් නයට් නැමති (56) ඉන්දියාවේ ගුජරාට්හි පදිංචි ඇමෙරිකා සම්භවයක් ඇති ඉන්දියානු ජාතිකයෙකි. 


මෙම පුද්ගලයා පසුගිය මැයි 25 වැනි දා අංශභාග රෝග තත්වයක් හේතුවෙන් අකුරැස්ස රෝහලට ඇතුළත් වී ඇති අතර පසුව  ඉකුත් ජුනි 3 වැනි දා ගාල්ල කරාපිටිය රෝහල වෙත  මාරුකර එවා ඇත.


මෙම පුද්ගලයාට කරාපිටිය රෝහලේ දී ප්‍රතිකාර ලබාදීමෙන් පසුව  ඉකුත් 06 වැනිදා  රෝහලෙන් නිදහස් කර ඇතත් මෙම පුද්ගලයා  රෝහල වෙත ගෙවිය යුතු ගාස්තු නොගෙවා රොහල තුළම රැඳී සිට තිබේ.


මෙම විදේශීකයා රෝහලට ගෙවීමට ඇති මුදල වන හාරලක්ෂ හතලිස් හයදහස්  අසූනවයක මුදල නොගෙවීම හේතුවෙන්  කරාපිටිය රෝහලේ පාලනාධිකාරිය විසින් ගාල්ල  පොලිසියට  පැමිණිලි කිරීමෙන් පසුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.


මොහු සතුව මෙරට රැඳී සිටීමට අදාළ වලංගු බලපත්‍ර කිසිවක් නොමැති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවාරණය වී තිබේ.



අදහස් (10)

රෝහල් ගාස්තු නොගෙවු විදේශිකයා අත්අඩංගුවට

SAMAN Friday, 15 June 2018 04:26 AM

දන්නැති නිසයි අහන්නේ විදේශිකයකු රෝහල් ගාස්තු ගෙවන්න ඕනිද?

:       10       30

nuwan Friday, 15 June 2018 05:35 AM

මෙහෙමත් සංචාරකයෝ එනවා.

:       0       16

akila Friday, 15 June 2018 06:07 AM

ඇමරිකාවේ හිටියත් ඉන්දියන් ජාතිකයෝ ඉන්දියන්ම තමයි, අතෙන් සතයක් යනවට කැමති නැහැ

:       0       52

PBD Friday, 15 June 2018 07:13 AM

නොමිලේ ප්‍රතිකාර ලබා දෙන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණයි. විදේශිකයන් සඳහා වැය වූ මුදල් අය කර ගන්නවා. එයට බෙහෙත්, ඉන්ජෙක්ෂන් කටු, පුලුන් ආදී සියලු දෙවල් වල වියදම ඇතුළත් වෙනවා.

:       15       132

shanikaFriday, 15 June 2018 07:55 AM

ඔබේ අදහස ඉතා නිවැරදියි. නමුත් පුදුමේ කියන්නේ ඒ අදහසටත් අකමැති පිරිසක් ඉන්නවනේ. මේ අය පිටරටකට ගිහින් බෙහෙත් අරන් බලන්නකෝ මොකද වෙන්නේ කියල. නොමිලේ ප්‍රතිකාර ලැබේවිද කියල.

:       0       50

Cyril Friday, 15 June 2018 08:03 AM

ලෝකේ කිසිම රටක සංචාරකයෙක් අනතුරක් ,අසනීපයක් උනොත් මුදල් අය කරන්නේ නෑ,ලැජ්ජයි

:       257       2

samFriday, 15 June 2018 08:32 AM

සිරිල්, ඔබගේ නොදන්නාකම ප්‍රසිද්ධ නොකර හිටියානම් හොඳයි...

:       0       98

NiroshFriday, 15 June 2018 09:19 AM

කොයි රටේද කියන්නකො බලන්න. නොදන්න දෙවල් නොකියා හිටියොත් තමා හොඳ. ශුවර් එකටම රටෙන් තියා ගෙදරින් එලියට බැහැලා නැති කෙනෙක්.

:       0       70

නුමාFriday, 15 June 2018 09:37 AM

සිරිල් මහත්මයා උපන්නේ අද ඊයෙද? එහෙම අය නොකරන රටක් පොඩ්ඩක් ලියාදක්වන්න. අඩුම ගණනේ අපි ගිය දවසකට ප්‍රයෝජනවත් වෙයි. ලංකාවේ පුරවැසියන්ට වුවත් නොමිලේ කොතනවත් බෙහෙත් දෙන්නේ නැහැ. අපි බදු වශයෙන් ඔය නොමිලේ ලැබෙනවා කියන සියලු සේවාවන් වලට ගෙවනවා. විදේශිකය සංචාරකයන් එසේ බදු නොගෙවන නිසායි මුදල් අය කරන්නේ. සේවාවකට මුදල් අයකිරීම කවදද ලැජ්ජාවට කාරණයක් වුනේ? මෙවැනි ප්‍රශ්ණ වලට විසඳුමක් ලෙස තමා සංචාරක රක්ෂණාවරණ ලබා ගන්නේ. එසේ නොකලේ නම් මුදල් තමන් ගෙවිය යුතුයි, නැතිනම් නීතිමය තත්ත්වයන්ට මුහුණදිය යුතුයි. ලංකාවෙ පදිංචි විදේශිකයකුට නම් නොමිලේ වෛද්‍යාධාර ලබාගත හැකියි (බදු මුදල් ගෙවන බැවින්). ඉඳහිට පොතක් පත්තරයක් කියවන්න.

:       0       0

Cyril Friday, 15 June 2018 11:48 AM

එහෙම නම් නඩු අහලා හිරේ දාන්න තියෙන්නේ.. යුරෝපීය රටවල ලෙඩා සනීප කරලා හිරේ දානවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site