(නිමන්ති රණසිංහ)
නාවික හමුදාවේ සාමාජිකයින් 439 දෙනෙකු මේ වන විට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
එම සාමාජිකයින්ගෙන් 61 දෙනෙකු පී සී ආර් පරීක්ෂණ සිදුකර පූර්ණ සුවය ලබා මේ වන විට රෝහල්වලින් බැහැර වී ඇති බවත්, මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 378 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් යුධ හමුදාපතිවරයා ස`දහන් කළේය.
යුධ හමුදාපතිවරයා මේ බව සදහන් කළේ කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ අද (13) සවස පැවැති මාධ්‍ය හමුවකදීය.
ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානි (පුද්ගලයින් 12), පම්පේමඩු (පුද්ගලියින් 129), දම්මින්න (පුද්ගලයින් 69) සහ නාවික හමුදා පවුල් නිරෝධායන මධයස්ථාන (පුද්ගලියන් 98) යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 435 දෙනෙකු නිරෝධායන කි‍්‍රයාවලියෙන් අනතුරුව පී සී ආර් පරීක්ෂණය සිදුකර අද (13) සිය නිවෙස් වෙත පිටත් කර හරින ලද බවද යුධ හමුදාපතිවරයා සදහන් කළේය.
ඒ අනුව, අද (13) දින වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 8099 දෙනෙකු නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් වී ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැර ඇතැයි ද යුධ හමුදාපතිවරයා පැවසීය.
ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40ක පුද්ගලයින් 3444 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නාවික හමුදාවේ 439 දෙනකුට කොරෝනා