රංජන් කස්තුරි
පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කුමන පනතකින්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමක් කරන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.
පළාත් සභා මැතිවරණය 1988 අංක 02 දරණ පැරණි පනත යටතේ මනාප ක්‍රමයට ද නැතිනම් 2017 අංක 17 දරන සංශෝධිත පනත යටතේ මිශ්‍ර ක්‍රමයට පැවැත්විය හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ගත යුතු බව ද මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන්වේ.
සීමා නිර්ණය වාර්තාව ගැසට් පත්‍රයේ මුද්‍රණය කර නීතියක් බවට පත්ව නැති හෙයින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීති ගැටලු මතුව තිබෙන බව ද එහි සඳහන්වේ.
COMMENTS
පලාත් සභා නැතුව ඔය ලස්සනට වැඩ වෙන්නේ වෙනදා වගේම. ඕක අහෝසිම කරලා දාන්න ඕන. ඕකට දීලා තියෙන බලතල මධ්‍යම රජයට හෝ ප්‍රාදේශීය සභා වලට ගන්න ඕන. පාලත් සභාව දැන් ඔක්කොම දේශපලුවෝ භාවිතා කරන්නේ තමන්ගේ පවුලේ අයව ඊලග තලයට ඔසවලා තියන පුහුණු කදවුරක් වගේ සහ තමන්ගේ දේශපාලන උදව් කරුවන්ට නවාතැන් පොලක් ලෙසනේ. මහජන මුදල් නිරාපරාදේ නාස්ති කරනවා.
ඇත්තටම මේ කොමිසමේ සබාපතිට ඇස් ඇරිල තියෙන්නෙ දැන්ද? මෙච්චර කල් නිදාගෙනද හිටියෙ?
මම පළාත් සභාවක සේවය කරන කෙනෙක් පළාත් සභා නැති වුනොත් මට ලැබිය යුතු වරප්‍රසාද කීපයක්ම අහිමි වෙනවා ඒ වගේම රු.5000-10000 අතර මුදලකුත් අහිමි වෙනවා. මගේ ජීවිතේ සැපවත්භාවය වැඩිකර ගැනීමට පළාත් සභා තිබිය යුතුයි. නමුත් පළාත් සභාවකට වන මුදල් නාස්තිය මම ඇස් පනාපිට හැමදාම දකිනවා. රජයක් වශයෙන් වැය කරන 100% මුදල් නාස්තියක්, මේ පළාත් සභා නැති කළොත් ජනතාවගේ බදු බර ටිකක් අඩු කළ හැකියි. එයින් මම ඇතුලු සියලුම ජනතාවගේ ආර්ථිකය තව ටිකක් ඉහළ යාවි. නැත්නම් පළාත්සභාවලට යන සියලු මුදලින් අහිමි වුනැයි සලකන උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න. සංහිඳියාව මනුස්සකම ඇත්තේ එතනයි. දේශපාලන නායකයින් හරහා සංවර්ධනය නොකර රාජ්‍ය ආයතන හරහා පමණක් සංවර්ධන ක්‍රියාමාර්ග කරන්න අපේ රට දියුණු කිරීමට ණය අවශ්‍ය නැත අපේ රටේ සම්පත් හොඳටම ප්‍රමාණවත් බව මගේ අදහසයි. ණය ගැනීම යනු කීපදෙනෙක් පෝෂණය වීමට කරගන්නා උපාය මාර්ගයක් පමනයි.
දැන් ඕක ජනමත විචාරණයක් සදහා යොමු කිරීම වැදගත් වේ. මෙපමණ කලක් ගත වී ඇතත් රජයට විසදුම් ලබා දීම නොහැකි නිසා ජනතාව තීරණය කරාවි
පළාත්සභා ඡන්දෙ තිබුනේ නෑ කියලා ඒ පළාත්වලට කිසිම අඩුවක් උනේ නැති නිසා, ශ්‍රේෂ්ඨාධිකරණේ, පළාත්සභා නැතිකරලා දාන්න.
ඔය කොමිසම් වලින් ජනතාවට හුළං..
පලා බබා අපිට එපා