IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නේපාල මැතිවරණය ඇරැඹේ

කත්මණ්ඩුහිදීය (රොයිටර්)
 
නව පාර්ලිමේන්තුවක් පත් කරගැනීම සඳහා නේපාල වැසියෝ අද (26) ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කළහ. ප්‍රචණ්ඩත්වයත් අස්ථාවරත්වයත් පසෙකළා නව පාර්ලිමේන්තුවක් පත් කරගැනීම නේපාල වැසියන්ගේ අරමුණ වී තිබේ.
 
මාවෝවාදීන් අවස්ථා කිහිපයකදීම කුඩා කුඩා ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට ද බලධාරීහූ කටයුතු කළහ. මාවෝවාදී ගරිල්ලන් සහ ආරක්ෂක අංශ අතර දශකයකට වැඩි කාලයක් පැවැති සිවිල් යුද්ධය අවසන් වී දශකයක් ගත වුණද එරට මැතිවරණයක් පැවැත්වීමට ඉඩක් නොලැබිණි. අවසාන වරට නේපාලයේ මහ මැතිවරණයක් පවත්වන ලද්දේ 1999 වසරේදීය. මෙම මැතිවරණයත් සමඟ නේපාල රාජාණ්ඩුව ෆෙඩරල් ජනරජයක් බවට පත්වන්නේය. 
 
මහ මැතිවරණයේ දෙවැනි අදියර දෙසැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඡන්දය ගණනය කිරීමේ දුෂ්කර ක්‍රියාවලිය නිසා අවසාන ප්‍රතිඵල නිකුත් කිරීම තරමක් ප්‍රමාද වනු ඇතැයි ද එරට මැතිවරණ කොමිසම සඳහන් කරයි. 
 
ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර කුඩා පිපිරීම් වාර්තා වූ බවත් ඒවාට වගකිව කිව යුත්තේ මාවෝවාදී ගරිල්ලන්ගේ කැඩී ගිය කණ්ඩායම් බවත් නේපාල හමුදා ප්‍රකාශක නයින් රාජ් දහාල් කීය. පුපුරණ ද්‍රව්‍ය සහිත කුඩා බෝම්බ සහ 30කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්ක්‍රීය කිරීමට හමුදා සිකුරාදා දිනයේදී සමත්ව වූ බව හෙතෙම කීය. 
 
“සුළු සිදුවීම් කිහිපයක් හැරෙන්නට සෑම ප්‍රදේශයකම ඡන්ද විමසීම් සාමකාමීව සිදුව තිබෙනවා” යැයි නේපාල මැතිවරණ කොමිසමේ සාමාජික ඉලා ෂර්මා කීය. 
 
නේපාල ජනතාව 2008 වසරේදී සහ 2013 වසරේදී ව්‍යවස්ථාදයක සභාවක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළහ. ව්‍යවස්ථාදායක සභාව පසුකාලීනව පාර්ලිමේන්තුවට හැරුණු අතර රාජාණ්ඩු ක්‍රමයක් පැවැති නේපාලය මේ වනවිට ෆෙඩරල් ජනරජයක් බවට පත්වනු ඇත. 
 
නව ව්‍යවස්ථාව අනුව පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු මැතිවරණය මෙය වන අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 15ක් සුදුසුකම් ලබා සිටිති. පාර්ලිමේන්තුවට තෝරාගැනීමට නියෝජිතයන් සංඛ්‍යාව 275කි. නේපාලය 2008 වසරේදී රාජාණ්ඩු ක්‍රමය අවසන් කළ අතර ඉන් පසුව පළාත් සභා ක්‍රමයක් ද පිහිටුවන ලදි. පිහිටුවන ලද පළාත් සභා හතටද මෙවර මැතිවරණයෙන් සාමාජිකයන් තෝරා පත්කරගැනීමට නියමිතය.    
 
055



අදහස් (0)

නේපාල මැතිවරණය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site