IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ගම්පහ පුද්ගලික රෝහලක අපද්‍රව්‍ය කානුවට

(තිලකරත්න දිසානායක)

ගම්පහ නගරයේ පෞද්ගලික රෝහලක මළ අපද්‍රව්‍ය ගලි බවුසරයක් මගින් අද (18) අලුයම ප්‍රධාන මාර්ගයේ කානු පද්ධතියට බැහැර කරමින් තිබියදී එම ස්ථානය වැටලූ බවත් බවුසරයෙහි රියදුරා පළා යාම නිසා රෝහලෙහි එම කටයුතු භාරව සිටි පුද්ගලයා අත් අඩංගූවට ගත් බවත් ගම්පහ පොලීසිය පවසයි.

එලෙස අපද්‍රව්‍ය බැහැර කරන අයුරු දැක ඇති නගර සභා සෞඛ්‍ය අංශ පරීක්ෂකවරයකු විසින් පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

කානු පද්ධතියට අපද්‍රව්‍යය මුදා හැරීම නිසා මීට පෙර අවස්ථා දෙකකදී එම රෝහලට එරෙහිව නඩු පවරා ඇති බව ගම්පහ මහ නගර සභාව පවසයි.මෙම රෝහලින් බැහැර කෙරෙන එන්නත් කටු,  සේලයින් බෝතල්, ප්ලාස්ටර් ඇතුළු අප ද්‍රව්‍ය පවා මාර්ගය අද්දර දමන තත්ත්වයක් පවතින බවද නගර සභාව පෙන්වා දෙයි.

එවන් අප ද්‍රව්‍ය තොගයක් ඉරිදා (16) රාත්‍රියේ මාර්ගය අද්දර දමා තිබියදී නගර සභා සෞඛ්‍ය අංශ සේවකයින් විසින් රැගෙන විත් තිබිණි.

රෝගීන් සුවපත් කිරීමේ යෙදී සිටින රෝහලක් මගින් මෙලෙස ජනතාව පීඩාවට පත් වන අයුරින් නීතිරීති මායිම් නොකර කටයුතු කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් පවතින බව ගම්පහ මහ නගර සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (7)

ගම්පහ පුද්ගලික රෝහලක අපද්‍රව්‍ය කානුවට

shanthi perera Tuesday, 18 July 2017 08:43 AM

මේක අමුතු රෝහලක් වගේ පෙනෙන්නේ...

:       4       21

kumar (galf) Tuesday, 18 July 2017 09:38 AM

ෂුවර් එකටම මේ රෝහලේ දොස්තරලා සයිටම් එකෙන් ආපු අය නොවෙයි.

:       1       5

sanjeewa Tuesday, 18 July 2017 10:11 AM

පේනවා නේද වෛද්‍ය සේවය පෞද්ගලික කළාම වෙන දේ. මේ රෝහලේ සේවය කොහොම ඇද්ද?

:       1       4

aravinda Tuesday, 18 July 2017 10:33 AM

නිකන් මිනිසුන්ව අත් අඩංගුවට නොගෙන, මේ අපද්‍රව්‍ය පහසුවෙන් බැහැර කල හැකි ස්ථානයක් සියලු ව්‍යාපාරික ස්ථාන වලට දැනුම් දුන්න නම් නරකද?

:       4       1

ravin Tuesday, 18 July 2017 11:21 AM

මධ්‍යම පරිසර අධිකාරිය !! ඔන්න වැඩ පෙන්නන්න වෙලාව. සිල් තියල වැඩ පටන්ගත්තනම් තමා වඩාත්ම හොඳ.

:       0       0

menna Tuesday, 18 July 2017 12:26 PM

ලංකාවේ උගතුන්ගේ වැඩ. සනීපාරක්ෂාව ගැන නොහිතන දොස්තරලද? දොස්තරලා වෙන්න කලින් වට පිටාවේ කුණු පිරිසිදු කරන විදිය ඉගැන්නුවා නම් හොඳයි වගේ.

:       0       0

Padmini Wednesday, 19 July 2017 05:15 AM

අහන්න පුළුවන්ද? ලංකාවේ අයට ඩෙංගු මදුරුවා හොඳ වැඩියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 990 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site