IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ට විධායක නිලධාරී සහාය

ප්‍රින්ස්  රත්නායක 
 
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් අරඹා ඇති වැඩ වැඩවර්ජනයට  විද්‍යාල විධායක ශ්‍රේණියේ නිලධාරීහු ද සහාය දැක්වීමට තීරණය කර තිබේ. ඔවුහු මෙම තීරණය ගෙන ඇත්තේ අද (09) කොළඹදී පැවැති විධායක නිලධාරීන්ගේ සංගමයේ පැවැති රැස්වීමකින් අනතුරුවය. 

 
මේ සම්බන්ධව අදහස් දැක්වූ  වයඹ විශ්ව   විද්‍යාලයේ ඩී.එච්.බී.ආර් දසනායක මහතා 
 

“ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අරඹා ඇති වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල වල සියලු කටයුතු අකර්මන්‍ය වී ඇති බැවින් විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු ඇතුලු සියලුම කටයුතු   අඩාලව   තිබෙනවා. 

 මේ සඳහා වගකිය යුතු පාර්ශවයන් හට මැදිහත් වන ලෙස ඉල්ලා සිටීමට විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය විදිහට අද (9) දින පැවති රැස්වීමේදී තීරණය කරන්නට යෙදුණා.     
 
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සහ විද්‍යාල උප කුලපතිවරුන්ට ලිඛිතව දැන්වීමට පියවරගනු ලබනවා. මෙහි දී අප සංගමය අනධ්‍යන සේවකයින්ගේ වෘත්තියේ ක්‍රියාමාර්ගයන්ට සහයෝගය දැක්වීමට තීරණය කරනු ලැබුවා.  
 
ඒ අනුව නිලධාරීන්ගේ සංගමය  ඔවුන්ට පූර්ණ සහාය දෙමින් එළඹෙන සඳුදා සිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට  පිවිසීමට කටයුතු  කරනු ලබනවා. අද අප සංගමය මගින් ඇමතිතු තුමා වෙත ද ලිපියක් ද යොමුකර තිබෙනවා. 
 
 ඊට අමතරව ආයතන ප්‍රධානීන් සහ අදාළ පාර්ශවයන් දැනුවත් කිරීමෙන් පසු අප බලාපොරොත්තු වෙනවා ඒ අය මේ සඳහා යම් මැදිහත්වීමක් සිදුකරයි කියා එසේ   නොවන්නේ නම් ඉදිරි   දින තුනකට පසුව වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට පිවිසීමට බලාපොරොත්තු වෙනවා. 
 
ඉදිරි සතිය තුළ යම්කිසි විසඳුමක් නො ලැබෙන්නේ නම් ඒ අනුව තවදුරටත් සිදුකළයුතු වෘත්තිය ක්‍රියා මාර්ගයන්ට ක්‍රියා මාර්ගයන්ට එළැඹෙන්නට පොරොත්තු වෙනවා .පළමුව අපට අදාල නොවන රාජකාරි රාජකාරී වලින් අප ඉවත් වෙනවා කෙටියෙන්  කිවහොත් සදුදා සිට අප අකුරට වැඩ කිරීමේ ක්‍රියාදාමය එළඹීමට නියමිතයි.”
යනුවෙන් පැවසීය.



අදහස් (5)

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ට විධායක නිලධාරී සහාය

Appuhami Friday, 09 March 2018 04:54 PM

ලැබෙයි ලැබෙයි. බලාගෙන ඉන්න.

:       40       169

Romesh Jayamanna Saturday, 10 March 2018 01:44 AM

අනෙකුත් රාජ්ය සේවකයින්ගේ වැටුප අමතරව විශ්ව විද්යාලයේ කාර්ය මණ්ඩලය 55% දීමනා ලබා ගනී. මෙය සම්පූර්ණයෙන්ම අසාධාරණ ඉල්ලීමකි. මෙම වෘත්තීය සමිති මාෆියාවට දඬුවම් කරන්න.

:       776       60

අකිලSaturday, 10 March 2018 03:04 PM

අනෙකුත් රාජ්‍යය සේවකයින්ට හිමි වරප්‍රසාද ඔවුන්ට අහිමි බව ඔබ දන්නවාද?

:       0       661

RNG Sunday, 11 March 2018 04:20 AM

එතකොට ඔයා මේ සිසුන්ගෙ අධ්‍යාපනය පාඩු වෙන එකේ වගකීම ගන්නවද..?

:       0       12

Romes Jayamanna Sunday, 11 March 2018 06:24 AM

Minister ලැයිස්තුවේ කාර්යාල සහකාර සහ ලිපිකාරක කාර්ය මණ්ඩල සාමාජිකයින් ආණ්ඩ TO බඳවා ගැනීම දිගටම කරගෙන ගියේය. මේ මොහොතේ සිදු වන්නේ මෙයයි. ඇමතිවරයෙකු මාර්ගයෙන් පත්වීමක් ලබා දුන් කාර්යාල සහායකයකු කොපමණ වැටුපක් ද කියා ඔබ දන්නවාද? රුපියල්. 18000 මූලික වශයෙන් රු. 7000 COL, රු. 10,000 ක් මෑත වැටුප් වර්ධකය ලෙස, 35% මූලික වැටුප MCA, 20% අතිරේක දීමනාවක්. ඉතින්, ඔහුට රු. එෆ්එෆ්එෆ් හා විශ්‍රාම වැටුප් සඳහා UPF 15% 10% ට අමතරව මසකට රු. එබැවින් ඔහුගේ මූලික සුදුසුකම් 8 ශ්‍රේණිය වේ. ඔබ මෙය විශ්වාස කරන්නේද? මේ ගැන ජනතාව නොදන්නාවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1043 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site