අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙම විශ්වාස භංගය ගෙන ඒමේ මූලිකත්වය ගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂයෙන්ම බව දැනගන්නට තිබේ.

විශ්වාස භංග යෝජනාව මේ වන විටත් සකස් කර අවසන් බවත්, ඊට ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙන්ම විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් ද අත්සන් තබා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්වාස භංග යෝජනාව සිකුරාදා (10) හෝ ලබන සතියේ මුල කතානායකට බාර දෙනු ඇතැයි ද කියැවේ.

044