(බිඟුන් මේනක ගමගේ)
විකිරණශීලිතාව අධික කලාප දොළහක් මෙරටින් හඳුනාගෙන ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ විකිරණශීලී ඛනිජ පිළිබඳ මේ දිනවන සිදුකෙරෙන ගවේෂණයකදී මෙම හඳුනාගැනීම සිදුවිණි යැයි ද එයින් කලාප තුනක් මාතලෙන් ද නවයක් නැගෙනහිර වෙරළ තීරයෙන් ද වාර්තා වන්නේ යැයි ද එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මගින් පරිත්‍යාග කරන ලද ජංගම විකිරණමාන පද්ධතියක් හා එක්ස් කිරණ ප්‍රතිදීප්තතා වර්ණාවලීක්ෂනමානයක් උපයෝගී කෙරෙන මෙම ගවේෂණයට ශ්‍රී ලංකා පරමාණුක ශක්ති මණ්ඩලයේ සහයෝගය ලැබෙන්නේ යැයි ද ඒ මහතා කීවේය.
විකිරණශීලීතාවය සම්බන්ධව දිවයිනම ආවරණය වන පරිදි සිතියම් පිළියෙල කිරීම මෙමගින් සිදුවන්නේ යැයි කී හෙතෙම දඹුල්ල, පල්ලේගම, හඟුරන්කෙත යන ප්‍රදේශවල ඊට අදාළ සමීක්ෂණ කටයුතු අවසන් කර ඇතැයි සඳහන් කළේය.
විකිරණශීලී ඛනිජ පිළිබඳව මූලික අධ්‍යයනයක් මුලින්ම සිදුකර ඇත්තේ 19 වැනි සියවසේ මුල් කාලයේදී යැයි ද 1904 දී ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා විසින් තෝරියනයිට් හා තෝරයිට් යන විකිරණශීලී ඛනිජ මෙරටින් සොයාගනු ලැබ ඇතැයි ද අධ්‍යක්ෂවරයා කීය.
ලෝකයේ ප්‍රථම වරට තෝරියනයිට් හා තෝරයිට් යන විකිරණශීලී ඛනිජ සොයාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ කරන ලද මෙම සමීක්ෂණයෙන් යැයි ද ඒවා භාවිතා කරගෙන ලොව ප්‍රකට විකිරණ විද්‍යාඥයන් පරීක්ෂණ රැසක්ම කර ඇතැයි ද සිල්වා මහතා කීවේය.
ඊට අමතරව මෙරටින් බහුලව හමුවන මොනසයිට් ඛනිජය සම්බන්ධයෙන් 1910 දී මූලික පරීක්ෂණ සිදුකර ඇතැයි ද පසුව බෙන්තොටට ආසන්න කයිකාවල ප්‍රදේශයේදී මොනසයිට් ඛනිජය නිස්සාරණය කිරීමේ නියමු කර්මාන්ත ශාලාවක් පිහිටුවිණි යැයි ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
420
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
453
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාවෙන් විකිරණශීලිතාව අධික කලාප 12 ක්
prabha Sunday, 12 August 2018 12:57 PM
අංක 1 දියවන්නාවයි....
norman senanayakeMonday, 13 August 2018 03:43 AM
අංක එක දියවන්නාව කියන කියමන අසන්නට ලැබුණු හොදම කියමනක් .... එකට ලැබුණු ප්‍රතිචාර වලින් තේරෙනවා දියවන්නාව ගැන ජනතාව කෙතරම් අකමැතිද කියනඑක.
lalith Sunday, 12 August 2018 05:06 PM
දැන් එහෙනම් ඒ විකිරණ පාෂාණ වැඩිදුර අධ්‍යයනයට කියලා විදේශිකයෝ බුරුතු පිටින් ගෙන්නාගෙන ඒ ටිකත් කුණු කොල්ලෙට විකුණලා දායි.