(දසුන් රාජපක්ෂ)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධවලට සම්බන්ධ රැඳවියන් 15 දෙනෙකු ඊයේ (25) රාත්‍රියේ සිට ආහාර ප්‍රතික්ෂේප කරමින් වර්ජනයක් ආරම්භ කර තිබේ.
තනි තනිව රඳවා සිටින මෙම රැඳවියන්ට පිටත රැඳී සිටීමට ලබාදෙන කාලය වැඩි කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එච්.ටී. උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
මෙම අපරාධකරුවන්ට පිටත රැඳී සිටීමට මේ වන විට පැය දෙකක කාලයක් ව්‍යායාම කිරීම සඳහා ලබාදෙන අතර අනිකුත් රැඳවියන් මුණ නොගැසෙන ආකාරයට එම කටයුතු සිදු කරන බවද ඒ මහතා කීය.
කෙසේ වෙතත් මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්විය නොහැකි බවද ඔහු කියා සිටියේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.