(ඩයනා උදයංගනී)
එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමිර් සහ හොංකොං යන රටවල සමාගම් තුනකින් මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මාස 6ක කාල සීමාවක් සඳහා මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව හොංකොං හි වී පවර් හෝල්ඩින්ග්ස් සමාගම වෙතින් මෙගාවොට් 48ක්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඇල්ටාකා ඇල්ටර්රේටිව් සොලියුෂන් ග්ලෝබල් සමාගම වෙතින් මෙගාවොට් 34ක් සහ එක්සත් රාජධානියේ ඇග‍්‍රිකෝ ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට් ලිමිටඞ් වෙතින් මෙගාවොට් 18ක් වශයෙන් මාස 6ක් සඳහා විදුලිය ලබාගැනීමට නියමිතය.
අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබූ අතර ඒ අනුව මෙම මිලදී ගැනීම් සිදුකෙරේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රදසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මේ සඳහා වන කොන්ත‍්‍රාත් පිරිනැමීමට විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
එම අනුමැතිය අනුව පල්ලෙකැලේ ග‍්‍රිඞ් උපපොළ සඳහා මෙගාවොට් 24 ක විදුලි ධාරිතාවක් සහ ගාල්ල ග‍්‍රිඞ් උපපොළ සඳහා මෙගාවොට් 10 ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 30.20 ක මුදලකට සැපයීමේ කොන්ත‍්‍රාත්තුව එක්සත් රාජධානියේ ඇග‍්‍රිකෝ ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට් ලිමිටඩ් වෙතත්, මහියංගනය ග‍්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 10ක් කිලෝවොට් එකක් රුපියල් 30.58ක මුදලකට හා පොළොන්නරුව ග‍්‍රිඞ් උපපොළ සඳහා මෙගාවොට් 8ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 30.63ක මුදලකට සැපයීමේ කොන්ත‍්‍රාත්තුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඇල්ටාකා ඇල්ටර්රේටිව් සොලියුෂන් ග්ලෝබල් සමාගම වෙත ලබාදීමට නියමිතය.
ඊට අමතරව හම්බන්තොට ග‍්‍රිඞ් උපපොළ සඳහා මෙගාවොට් 24ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 28.43ක මුදලකට හා හොරණ ග‍්‍රිඞ් උපපොළ සඳහා මෙගාවොට් 24ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 27.70ක මුදලකට සැපයීමේ කොන්ත‍්‍රාත්තුව හොංකොං හි වී පවර් හෝල්ඩින්ග්ස් සමාගම වෙතට ද මාස 6ක කාලයක් සඳහා ලබා දෙනු ඇත.
COMMENTS
අනේ ඉතින් අපිනේ පිටරටට විදුලිය විකුණන්න හිතාගෙන හිටියේ...
මේ ව්‍යාපෘතිවල ලංකාවේ ඉන්නේ මලික්ද? හබීර් චාසිම්ද?
දැන් රවිට හොඳ කොමිස් මුදලක් ලැබෙයි... පිටරටින් සල්ලි දීලා ගන්න එකද සංවර්ධනය කියන්නේ.. මේක කරන්න ඕනේ බ්‍රෝකර් කෙනෙක් විතරයි.. අමාත්‍යාංශයක් ඕනේ නැහැ.. ලබන සැරේත් ඡන්දේ දෙන්න.. එතකොට පුළුවන් ලයිට් නැතුව විතරක් නෙමේ අැඳුනුත් නැතුවම ඉන්න..
පාලකයෝ ධාර්මික නම් කල ට වැසි වහිනවා,
හදිසි ධන ලාබ
කුඩු ගහලද කොහෙද? මේ පුංචි රටේ සංවර්ධනය දොරේ ගලනවා ඒ ගැන කුමන කතාද නේද? . වැහි නැති හෙන පාත් වෙන්නේ මේ නිසයි.
අරාබියේ විදුලිය අපට එපා
වැහි වසින, හුලන් තියෙන, අව්ව තියෙන රටක් නේද මේක. මොකද අපිට මේවගෙන් විදුලිය උපයා ගන්න බැරි. ලාබෙටම විදුලිය දෙන්නේ හොං කොං. මොකද දන්නේ නැහැ අනිත් රටවල් ගාව ගත්තේ.
කෝ මේ අර පරිසර අයියල ටික. දැන් හොඳ ඇතිනේ, කිසිම පරිසර හානියක් නෑනේ.... සතුටුයි නේ ...
හොං කොං , අරාබිය, එංගලන්තේ ඉඳලා මෙහාට වයර් අදින්නම සැහෙන කාලයක් යාවි නේද?