IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ෆයිසර් එන්නත් 78,000ක් ලබන මාසයේදී මෙරටට

(සුජිත් හේවාජුලිගේ)

ෆයිසර් එන්නත් මාත්‍රා 78 ,000ක් ලබන මාසයේදී මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

එන්නත් මාත්‍රා 26,000 බැගින් සති තුනකදී මෙම එන්නත් තොගය ලැබෙන බවද ඔහු සඳහන් කළේය.

ෆයිසර් එන්නත් තොගය මිලදී ගනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසිනි.

සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙරටට ලැබෙන පළමු ෆයිසර් එන්නත් තොගය මෙය වෙයි.

මේ අතර කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ එන්නත් මාත්‍රා විසිදාහක් ඊයේ දිනයේ දී ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ රටේ කොරෝනා එන්නත ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව තිස්තුන් ලක්ෂ හතළිස් පන් දහස් එකසිය හැට පහකි.

 



අදහස් (7)

ෆයිසර් එන්නත් 78,000ක් ලබන මාසයේදී මෙරටට

Sri Lanka Wednesday, 23 June 2021 07:55 PM

තව අවුරුදු 03ක් එන්නත් එක්කම පොරබදලා විපක්ෂයට යයි වගේ...

:       137       473

Nilan Wednesday, 23 June 2021 08:22 PM

පැණි බෙදපු අයගේ එන්නත තිබ්බත් එකයි, නැතත් එකයි.

:       66       133

ANA Wednesday, 23 June 2021 09:47 PM

එනවා කිව්ව ස්පුට්නික් කෝ?

:       0       55

Shan Thursday, 24 June 2021 11:01 AM

අනික් රටවල් මිලියන ගණනින් ගද්දි ලංකාවට එන්නත් එන්නෙ දහස් ගණනින්.. ස්පුට්නික් එකත් එහෙමනේ.. චීනේ නැත්තම් ඔය ටික වත් නෑ. මහත්තයෝ, කියුබාව එක්ක සාකච්ඡා කරලා එ් ගොල්ලන්ගේ දේවල් වලින් ඉල්ලලා බලන්න. රටට එන්නත් මිලියන වලින් ඕනේ දාහ වලින් නෙවේ. දවසට එන්නත් විසිදාහක් ගහලා කොහේ බේරෙනවද මේ වෛරසයකින්..!

:       0       2

nalin Thursday, 24 June 2021 11:08 AM

වෙන පැණියක් එහෙම නැද්ද? මෙයා කලේ එන්නත නැතිව පැණියක් පස්සේ ගිය එකනේ...

:       0       0

සුපිරි Thursday, 24 June 2021 11:09 AM

මෙයා කියන කථා සත 05කට විශ්වාස කරන්න බැහැ.. මුල ඉඳන්ම කිව්වේ බොරු.., බයිලා විතරයි. වැඩ බෑ..

:       36       253

සුපිපිThursday, 24 June 2021 11:33 AM

ඊරිසියාකාරයෙක්... මෙතුමා නිසා තමයි මෙහෙමවත් එන්නත් ලැබෙන්නේ..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1012 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site