(විනීතා එම් ගමගේ)
ජනාධිපතිවරණවල දී අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම වැළැක්වීම සඳහා නීති ගෙන ඒමට යෝජනා සහිත කෙටුම්පතක් සකසා රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැෆරල් සංවිධානය කියයි.
විශේෂයෙන් ඇප මුදල වැඩි කිරීම, සියයට එකක් වත් ඡුන්ද නොගන්නා අපේක්ෂකයන්ට දඩ මුදලක් නියම කිරීම, අවුරුද්ද පුරා ක‍්‍රියාකාරි දේශපාලනයේ නොයෙදුණු පක්ෂවලින් අපේක්ෂකයන්ට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා නොදීම, පළාත් පාලන ආයතන, පළාත් සභා හා පාර්ලිමේන්තුවේ නියෝජිතයන් නැති පක්ෂවලින් අපේක්ෂකයන්ට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා නොදීම වැනි කරුණු තම කෙටුම්පතට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (25) පැවසීය.
අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන පක්ෂයක අවම වශයෙන් එක් නියෝජිතයෙක් හෝ පාර්ලිමේන්තුවේ සිටීම මෙන්ම පළාත් පාලන ආයතනවල ද නියෝජිතයින් අවම වශයෙන් 20 ක් වත් සිටීම අත්‍යවශ්‍ය කරුණක් සේ සැලකීම අවශ්‍ය යැයි ද හෙතෙම කියා සිටියේය.
මෙවැනි නීති ගෙන නොආවොත් ඉදිරියේ දී අති විශාල පිරිසක් ජනාධිපතිවරණවල දී ඉදිරිපත් වන බවත් එය නිදහස් හා සාධාරණ මැතිවරණයකින් තම අපේක්ෂකයා තෝරා ගැනීමට බාධාවක් වන බව ද හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.
තම සංවිධානය සකස්කරන කෙටුම්පත ඉදිරියේ දී රජයට බාරදීමට බලපොරොත්තු වන බවත් මේ සම්බන්ධව නීති සකසන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
කවුද සූත්තර පුංචද මේ නීති ගෙනෙන්න කිව්වේ? ස්වාධීන පුද්ගලයෙකුට පක්ෂයක් පිහිටුවාගෙනවත් තරඟ කරන්න අවස්ථාව නැති කරන්නයි යන්නේ...
මේවා හරි පසුගාමී යෝජනා. කල යුත්තේ මැතිවරණ කටයුතු ඩිජිටල් කිරීම නොවේ ද ?
කවුද මේ පැෆරල්? කොහෙද තියෙන්නේ? කවුද සාමාජිකයෝ? කවුද එකේ නිලධාරීන් පත්කරන්නේ? ජනතාවට එකේ වැඩ වලට හවුල් වෙන්න අවස්ථාවක් තියෙනවද? රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නැතිනම් නීති පද්ධතියට වෙනස්කම් කරන්න යෝජනා ගෙනෙන්න මේ සංවිධානයට තියෙන අයිතිය මොකක්ද? ජනතාවගෙන් නොවිමසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා ගේනවා වගේ රටේ නීති රීති වලටත් මේ සංවිධානයේ යෝජනා වලට අනුව වෙනස්කම් කරනවද? අද සාමාන්‍ය පුරවැසියෙකුට තමන්ගේ අදහස් නියෝජනය කිරීමට ස්වාධීන අපේක්ෂකයකු ලෙස පාර්ලිමේන්තුවට ඇතුළු වීමට ඇති වරම් අහිමි කර තිබෙනවා මදිවට ජනාධිපති තනතුරට ඉදිරිපත් වීමට ඇති මං ඇහිරිමටද යන්නේ? තමන්ගේ පක්ෂයේ නායකයා තෝරා ගැනීමට හෝ තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීමට පක්ෂ සාමාජිකයින්ට අවකාශ නැති පක්ෂ වලට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ දෙද්දී, ස්වාධින අපේක්ෂකයන් සීමා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී යයි මේ සංවිධානය සිතන්නේද? ජනාධිපතිවරණයට තිහක් බැරිනම් සියයක් ඉදිරිපත් උවත් මේ සංවිධානයට ඇති රුදාව කුමක්ද? මොවුන් කටයුතු කරන්නේ කා වෙනුවෙන්ද?
මම නම් කැමතියි. මොකද අපි රටේ මුදල් කන තව එක ව්‍යාපෘතියක් තමයි මැතිවරණ කියන්නේ. අවශ්‍ය ගණනට වැඩ අපේක්ෂකයන් ඉදිරිපත් කරන එකෙන් සිදු වෙන නාස්තිය කොච්චරද ? මුදල්, කාලය මේ හැම දෙයක් ම.