(රොමේෂ් මධුෂංඛ)
යාපනය, පුත්තූර්, නිලාවරෙයි ප්‍රදේශයේ අතහැර දැමූ ඉඩමක තිබූ බෝම්බයක් ගෙන බෝලයක් යැයි සිතා සෙල්ලම් කරමින් සිටි පාසල් දරුවෙකු බෝම්බය පුපුරා යාමෙන් අද (09) බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව යාපනය අච්චුවේලි පොලීසිය පවසයි.
පාසල් සිසුවා බෝලය යැයි සිතා බෝම්බය බිම දමා ගැසීමේදී බෝම්බය පුපුරාගොස් ඇතැයි මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වූ බවද පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවා යාපනය අච්චුවේලි රෝහලට ඇතුළත් කළ අතර, අනතුරුව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවද පොලීසිය පැවසීය.
යුද සමයේ අච්චුවේලි ප්‍රදේශයේ යුද ගැටුම් බහුලව පැවති අතර, ඉඩම් රැසක් අතහැර දමා තිබිණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අතහැර දමා ගිය බෝම්බයක් මෙසේ පුපුරා යන්නට ඇති බව පරීක්ෂණ සිදුකරන අච්චුවේලී පොලීසිය වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බෝලයක් වූ බෝම්බය පුපුරා දරුවකුට තුවාල