IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ගාල්ලට ආසන 2000ක සම්මන්ත්‍රණ ශාලාවක්

ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
 
ගාල්ල නගරය සඳහා  ආසන 2000 කින් යුත් සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිකිරීමට යෝජනා වී ඇතැයි වාර්තාවේ.

 
රුපියල් මිලියන 1500 ක් ඇස්තමේන්තු කර ඇති මෙම ව්‍යාපෘතිය  සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයයි.  මෙම සම්මන්ත්‍රණ ශාලාව ගාල්ල සහ  අක්මීමණ මැතිවරණ කොට්ඨාශ මායිමේ පිහිටි නුගදූව වත්තේ ඉදිකෙරේ.
 
මෙම සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම ස`දහා අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදුකරණ බව අනාවරණය වූයේ අද (12) පැවැති අක්මීමණ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කම්ටුවේදීය. මෙම රැස්වීම අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.



අදහස් (8)

ගාල්ලට ආසන 2000ක සම්මන්ත්‍රණ ශාලාවක්

රවින් Tuesday, 13 March 2018 03:06 AM

දේශපාලුවන්ගේ සාක්කු පුරවගැනීමේ අවශ්‍යතාවය. පාරවල් ටික කරදරයක් නැතිව යන්න හදලද? නගර සභා වලින් නිසි පරිදි කැලිකසල බැහැර කරනවද? මහජනයා ගෙවන බදු මුදලින් සියලු සේවා නිසිපරිදි පවත්වාගෙන යනවද? සම්මන්ත්‍රණ කිදෙනෙකුගේ අවශ්‍ය තාවය සපුරනවද ? අවුරුද්දකට සම්මන්ත්‍රණ කියක් පවත්වන්න බලාපොරොත්තු වෙනවද? මෙකි නොකී දේවල් ගැන නොසිතා නොබලා "සුදු අලියෙක් " හදනවට වඩා හොඳ නැද්ද ඉහතකී මහජන අත්‍යවශ්‍ය සේවා නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා මුල්‍යමය අයෝජන කලොත්. විශේෂයෙන්ම ලෝකයේ බරපතල අවශ්‍යතාවයක්වන ප්‍රතිචක්‍රීකරණය සඳහා අයෝජන කලොත්?

:       0       4

දිපුම් Tuesday, 13 March 2018 03:46 AM

පුදුම සම්මන්ත්‍රණ ගොඩක් තියනව ඇති. අනේ මෙහෙම විකාර වැඩ. මේ රටේ ව්‍යාපෘති කරනව කියල කියන්නේම ඉදිකිරීම් විතරයි. ඒකෙන් අදාල ඇමතියට අයිති කුට්ටිය ගත්තට පස්සේ ව්‍යාපෘතියක් තිබුණද කියලවත් ඌට මතක නෑ. අධ්‍යාපනය වෘත්තිය පුහුණුව උසස් අධ්‍යාපනය වගේ ගුණාත්මක සංවර්ධනයක් අවශ්‍ය අංශවල පවා අපිට දකින්න තියෙන්නේ ගොඩනැගිලි හදන ව්‍යාපෘති විතරයි. ගුණාත්මක සංවර්ධනයක් සිදුවෙන ව්‍යාපෘතියක් ආසාවකටවත් අහන්න ලැබෙන්නේ නෑ. ඉතිං කියනවා අධ්‍යාපනයේ හා ශ්‍රම වෙළඳපොලේ ගැලපීමක් නැතිලු

:       0       0

smith Tuesday, 13 March 2018 05:20 AM

අර හම්බන්තොට ඉදි කර තියන සම්මන්ත්‍රණ ශාලා පාවිච්චියට ගන්න බැරි අැයි..... අපායේ සල්ලි වලින් හදපුව නිකන් විනාශ වෙනවා නේද?

:       0       0

Thilina Tuesday, 13 March 2018 05:36 AM

රටේ ජනතාවගේ අනාගත අභිවෘර්ධියට විනිවිද භාවයෙන් කෙරෙන සංවර්ධනයට නොපැකිලිව ප්‍රසංසා කටයුතුය.

:       0       0

sachith Tuesday, 13 March 2018 05:45 AM

හම්බන්තොටත් විශාල සමන්ත්‍රණ ශාලාවක් තියෙනවා නේද, එක පාවිච්චියට ගන්න බවක්න්ම් අහන්න නෑ. මේකත් ඒවගේ ව්‍යාපෘතියක් වෙයිද දන්නේ නෑ.

:       0       0

indika Tuesday, 13 March 2018 08:21 AM

මෙය සත්‍ය වශයෙන්ම අවශ්‍යද. මීට වඩා කරන්න ගොඩක් දේවල් තියෙනවා නේද. මේවා ගැන හිතන්න පුළුවන් කට්ටිය පාර්ලිමේන්තුවේ ඉන්නවද. තමන් මුලිකව කරන්න ඕනේ මොනවද, ඉතිරි සල්ලි තියෙනවනම් මේවගේ දේවල් හැදුවට කමක් නැහැ. මේ හදන එක අවුරුදට කීපාරක් පාවිචි කරාවිද. පාරවල් හැදුවනම් මීට වඩා හොදා නේද මෙම අවස්ථාවේ මෙම සල්ලි ගොඩෙන්. මෝඩ මිනිස්සු තීරණ ගන්නකොට හොයල බලල අහල බලල තීරණ ගන්න

:       0       0

sami Tuesday, 13 March 2018 03:33 PM

ගාල්ලේ පාරවල් ටික හදල දෙන්න, මාතර පාර, දෙවට දක්වා මාර ට්‍රැෆික් එකක් තියෙන්නේ. වක්වැල්ල පාරත් එහෙමයි. කරාපිටිය හොස්පිටල් පාර. මේවා දියුණු කරන්න. උණවටුන සංචාරක කලාපයට තව පහසුකම් දෙන්න. වෙරළ විතරයි අපිරිසිදුයි. කඩයක්වත් නැහැ හරියට ඒත් කියන්නේනම් සංචාරක කලාපයක් කියල ...

:       0       1

ajithkaru Wednesday, 14 March 2018 04:15 AM

අයි මොකටද ගාල්ලට සම්මන්ත්‍රණ ශාලාවක්, ඔය හම්බන්තොට තියෙන්නේ ඒක සුද්ද කරලා ගන්නකො.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1136 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1142 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site