( තිළිණි ද සිල්වා )
මේ මස අගදී ජිනිවාහී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි වාර්ෂික සැසිවාරයට ශ‍්‍රී ලංකාව පිළිබඳ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බි‍්‍රතාන්‍යය සැලසුම් කරමින් සිටින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන මෙම නව යෝජනාව හුදෙක් 2015 වසරේ සම්මත වූ යෝජනාවේ ඇතුළත් වගකීම් ක‍්‍රියාවට නැංවීම අවධාරණය කිරීම පමණක් ඉදිරිපත් කරන බවත් , ඒ සම්බන්ධයෙන් ශ්රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද බි‍්‍රතාන්‍ය රජය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත.
ශ‍්‍රී ලංකාවේ සංහිදියාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන එම යෝජනාව කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් සමඟ එක්ව ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
2015 වසරේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාව ඉදිරිපත් කිරීමටද එක්සත් රාජධානිය ඇතුළු එම රටවල් මුල් විණි.
එහි ප‍්‍රගතිය සම්බන්ධයෙන් ශ්රී ලංකාව ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරයේදී චාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.එම සැසි වාරය ලබන 25 වන දා සිට මාර්තු 22 දක්වා පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
223
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ලංකාව ගැන තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සුදානම්‘