මනෝප්‍රිය ගුණසේකර
අධ්‍යපන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටින පාසල් සිසු දරුවන් සහ පොදු මහජනතාව පත්වී සිටින අපහසුතාවයන් සැළකිල්ලට ගෙන සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දුම්රිය රියදුරන් ඇතුළු සියළුකාර්ය මණ්ඩල වලින් ඉල්ලීමක් කරයි.
වර්ජනයට එක්වුවන්ගේ විසඳී නොමැති ගැටළු විසඳා ගැනීම සඳහා සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ඉදිරියේදී ලබාදිය හැකි බව සඳහන් කරන ජනාධිපතිවරයා උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයකට ඉදිරිපත් වන සිසු දරුවන්ගේ මානසික තත්වය පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්නැයි දුම්රිය රියදුරන් ඇතුළු සියළු කාර්ය මණ්ඩල වලින් ඉල්ලීමක්ද කරයි.
මේ සම්බන්ධයෙන් මානුෂීය අවධානයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සියළු පාර්ශව වලින් ඉල්ලීමක් කරයි.
COMMENTS
දවස් දෙකකට ඉස්සෙල්ල කිවුවේ වැඩට එන්නේ නැති පුද්ගලයෝ ගෙදර අරිනවා කියල නමුත් දැන් කියන්නේ වෙන කතාවක්......මෙහෙම පුලුවන්ද රටක් පාලනය කරන්න අර ජයවර්ධන ජනාධිපති ගත්ත වගේ කෙලින් තීරණ ගන්න පුරුදුවෙන්න..........
වැටුප් විෂමතා හැමෝටම තියන ප්‍රශ්නයක්. රජයේ සේවකයන්ටත් වඩා ප්‍රශ්න රාශියක් පුද්ගලික අංශයේ සේවකයන්ට තිබෙනවා.එහෙත් දුම්රිය වර්ජනය වෙනත් දේශපාලන අරමුණක් උදෙසා කීපදෙනෙක් මෙහෙයවන්නක්. මේ උද්ඝෝෂකයන් හිතන්නෙ දුම්රියෙන් වෙනත් දිශාකරා වර්ජනයන් දියත්කරන්නයි. කිසිම සමාවක් වර්ජකයන්ට දියයුතු නෑ.
ගරු ජනාධිපතිතුමනි මේ අයට හොඳ පාඩමක් ඉගැන්විය යුතු කාලය පැමිණ ඇත . ඔබට ජය ශ්‍රී
ජනාධිපතිතුමා පරක්කු කරන්නේ ඇයි ? මිට කලින් වැඩ වර්ජන ගැන සොයා බලන්න ඔබට පුළුවන් , හාල් පාරුවන්ට මේ ගැන උවමනාවක් නැහැ, සේවකයන්ගේ උවමනා වලට සවන් දෙන්න මමත් නෙදර්ලන්තයේ ප්‍රාදේශීය සමිති සමගිකයෙක් මේ නිසා ජනතාවට වන අපහසු තාවය කොපමණද? මමත් උත්සහ ගන්නේ මහජනයාට සේවයක් ලබාදෙන්නට . මේ වෙනුවෙන් උපරිම උත්සහයක් ගන්නවා ඔබට ජය.
ඔබතුමාගෙ ඔය නැලවිලි ගී දැන්වත් නවත්වන්න............
හරියට රට කර ගන්න බැරුව ....හොරු නලව නලවා ඉන්නවා....රටේ ප්‍රශ්න විසදන්න හැකියාවක් නැහැ උවමනාවකුත් නැහැ......වැඩ කරන උන් වර්ජනය කරපුවම ළමයි වෙනුවෙන්, ලෙඩ්ඩු වෙනුවෙන්, අහිංසක ජනතාව වෙනුවෙන් කියා කියා බොරු ඉල්ලීම් කරනවා...බොරු ෂෝ දානවා ඡන්ද දායකයන් වෙනුවෙන් ....තමන්ගේ පාලනය අවංකව හරියට නීතියට ක්‍රමවත්ව කර නම් කාටවත් වර්ජනය කර කර ඉන්න ඉඩ තියන්න අවශ්‍ය නැහැ.
මහලොකුවට කෑගැහුවේ ?????? සේවය අතහැර ගිය සේ සලකනවා කියලා..........අනේ ඔහොම වෙලා මදි ,,,,
අමානුෂ්‍ය වැඩ කරන වර්ජකයන්ට මානුස්සකම් ගැන අවබෝධයක් තියෙන්නේ කොහොමද. එවුන් දන්නේ වලපල්ලේ ඉඳන් කරන වැඩයි කඩාකප්පල් වැඩයි ගැන විතරයි. එවුන්ගේ රස්සාව නැති වෙන එකමයි හොඳ .
ඔබලා මුළු රටම අමතක කර ඔබලා ගැනම පමණක් සිතනවිට හුදී ජනයා ළමයි ගැන සිතයිද? මොනවද මේ කතා..............
අගමැතිතුමා විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට පෙර ඔබ එන්න ,ඇවිත් යන්න එන්න.....අපේ දුම්රියට අපි ආදරෙයි
සිසුන් ගැන හිතල සේවයට එන්ඩ කියන්නේ දැන්ඔබතුමා ගැසට් එකක් නිකුත්කලා නේද සේවය ඇත හැරලා ගියාසේ සලකනවා කියල. ගැසට් නිකුත් කරන්න පෙර නේද මේවා ගෙන හිතන්න තිබුණේ.එක එකාගේ ලණු කාල ඉවරයක් නැහැ. මුලින්ම ඇමතිව ගෙදර යවල හිටියනම් ඉවරනේ.නිමල් සිරිපාල සෞඛ්‍ය ඇමති කාලේ දොස්තරලා ස්ට්‍රික්යික් කෙරුව ඇමති කමින් ඉවත් කරන්ඩ කියල.
මේ අයව එලවලා හමුදාවට මේක කරන් යන්න දීලා අලුත් අයව ඉන්දියා යවලා පුහුණු කරවන්න. කියන කියන පද වලට නටන්න එපා...
තවත් බලාගෙන ඉන්නේ මොකටද. සේරම නෙරපලා අලුත් කට්ටියට රැකියා දෙන්න. මාසයක් කරදර වේවි අලුත් කට්ටිය පුරුදු වෙනකම්. පසුව හරියාවි.
මේ ආණ්ඩුවට වර්ජනයක් හරියට කළමනාකරණය කරගන්න බැහැ.
ජනාධිපතිතුමනි මේ රටේ වැඩ වර්ජන කරන සියලු පාර්ශව සාමාන්‍ය ජනතාව ගැන සිතන්නේ නැත. කොපමණ තිබුනත් මට මදී සිතමින් සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් උකසට තබමින් වැඩ වර්ජන කරන නිසා 80 වේදී කල දෙය වැඩ වර්ජන කරන සියලු දෙනාට කළයුතුව ඇත.අපි මෙසේ පවසනුයේ කවුරු වර්ජන කලත් විදවන්නේ අපි නිසා.
මොකටද විධායක බලතල ඉතින්. දුම්රිය රියදුරෝ ළඟ බැගපත් වෙන්න
සාමාන්‍ය පොදු ජනතාව ඇපයට තබා ගනිමින් කෙරෙන වැඩ වැරුම් සංස්කෘතිය මෙරටින් අතුගා දමන්න ඕන.
වර්ජකයන්ගේ ඉල්ලීම් සාධාරණ නම් එය දියයුතුයි. අසාධාරණ නම් ඔවුන්ට විරුද්ධව කටයුතු කල යුතුයි. දරුවන්ව බිල්ලට ගන්න දෙන්නේ නැතුව. ජනපති දැන් වර්ජකයන් ඉදිරියෙහි බැගෑපත් වෙනවා. මේකද රටකට අවශ්‍ය නායකත්වය. නිසි කළමනාකාරිත්වයක් නැති, නීතියක් නැති, පක්ෂග්‍රාහී අධිකරණයක් ඇති රටක මේ දේවල් වෙනවා.
අන්තිම මොහොතේ පත්තරේ බලල වගේ .
විධායක ජනාධිපති කෙනෙක් කළ යුතු යෝජනාවක්ද මේ කියන්නේ.?
රටේ නායකයා වෘත්තීය සමිති ළඟ දනගහනවා. ලී කුවාන් යු ගෙන් ඉගෙන ගන්න.
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරපු එකේ වැනි ඉන්නේ නැතුව වැඩට එන්නේ නැති එවුන් එලවලා හමුදාව දාලා මේක දුවවනවා .
ඉතින් ළමයි ගැන හිතලා වැටුප් විෂමතාවය ඉවත් කරන්නකෝ.
පාර්ලිමේන්තුවේ ඉන්න හොර රැල පන්නල දැම්මනම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අද රටම දියුණු වෙලා.
වර්ජනයට සාධාරණය කරනු එවිට ප්‍රශ්ණය විසදේ
මේ ටික ගෙදර යවල හමුදාවට පුහුණුවක් දීල දුම්රිය ගමන් ආරම්භ කරන්න ....
මේ රටේ මිනිස්සු ගොඩක් හිතන්නේ හැම දේම හමුදාවට කියලා කරන්න පුළුවන් කියලා. වර්ජකයන්ගේ ඉල්ලීම් සාධාරණ නම් එය දිය යුතුයි. අසාධාරණ නම් ඔවුන්ට විරුද්ධව කටයුතු කල යුතුයි. හමුදාවට කියලා කරන්න පුළුවන් නම් රාජ්‍ය සේවය අහෝසිකර හමුදාවට භාර දිය යුතුය. අවු 20, 30 සේවකයන්ගේ පළපුරුද්දෙන් මොකද කරන්නේ කියලා හැම දේම හමුදාවට භාර දෙන්න කියන මෝඩයින්ට බලාගන්න පුළුවන්.