IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අල්ලස් ගත් ජනපද නිලධරයා රිමාන්ඩ්

(අමදෝරු අමරජීව)
 
කුඹුරු අක්කර තුනක් සඳහා බලපත්‍රයක් සකස් කර දීමට රුපියල් 30,000/-ක අල්ලසක් ගත් අග්බෝපුර ජනපද නිලධාරියා ලබන 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තුසිත ධම්මික උඩුව විධාන මහතා  නියම කළේය. 
 
මෙසේ බන්ධනාගාර ගත වුයේ කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයට අනියුක්තව අග්බෝපුර ජනපද නිලධාරි කාර්යාලයේ සේවයේ නියුතු  ජනපද නිලධාරි ආර්.එම්.ගාමිණි රත්නායක (57) අය වේ.
 
සැකකරු මැදිරිගිරියේ පදිංචි අයෙකු වන අතර ඔහු තම කාර්යාලයේ දී ඉඩම් බලපත්‍රයක්  සකස් කර දීමට රුපියල් 300,000/-ක අල්ලස් මුදලක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ වැටලිම්  නිලධාරින් අධිකරණය හමුවේ පැවසීය.
 
වැටලීම් නිලධාරින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව සැකකරු ලබන 26 වැනි දා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය බන්ධනාගාර අධිකාරිවරයාට  මහේස්ත්‍රාත් නියෝග කළේය. 



අදහස් (3)

අල්ලස් ගත් ජනපද නිලධරයා රිමාන්ඩ්

Sanath Wednesday, 20 June 2018 08:59 AM

මේ මනුස්සය කොච්චර මෝඩද? විශ්‍රාම යන්න තව අවුරුදු 3 ක් වත් නැහැ. සල්ලි හදිස්සියක් නම් බැංකුවකින් ණයක් ගන්න තිබුණ. නැත්නම් දැන්ම විශ්‍රාම එක ඉල්ලලා මාස තුනකින් පාරිතෝෂිතය ලක්ෂ 10 ක් විතර ගන්න තිබුණ. දැන් ඉතින් පැන්සනුත් නැහැ. නඩුවෙන් වැරදිකාරයා වුනොත් අවුරුදු 10 කට වත් හිරේ ලගින්න වෙනවා.

:       0       5

wije Wednesday, 20 June 2018 10:31 AM

මේ ප්‍රවෘත්තිය ටිකක් පැටලිලි සහිතයි පැහැදිලි නැහැ. උඩින්ම කියලා තියෙනවා රු 30000ක් කියලා... පස්සේ කියලා තියෙනවා රු 300000ක් කියලා. ඇත්තටම අරන් තියෙන්නේ කියද?

:       0       0

Lapaya Wednesday, 20 June 2018 01:55 PM

ළුෑණු බිකක් වගේ කෝටි 3ක් වත් ගත්තා නම් පැන්ශන් යනකම් නිදහසේ ඉන්න තිබ්බා. 30000ක් වගේ සොච්චමක් ගත්ත නිසයි නිමාන්ඩ් වුණේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site