( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විසින් සයිටම් ආයතනයට ලබා දෙනු ලැබූ නීත්‍යානුකූලභාවය ඉවත් කළ හැක්කේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට පමණක් බව සයිටම් සිසුවිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.
සයිටම් ආයතනයෙන් උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කරනු ලැබු අභියාචන පෙත්සම අද ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ කැඳවු අවස්ථාවේ මේ බව කියැවිණි.
මෙම අභියාචන පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම සම්පුර්ණයෙන්ම අවසන් වූ අතර අභියාචනාධිකරණ පෙත්සම්කාර සයිටම් සිසුවිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වීම ආරම්භ කළේය.
එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ සයිටම් ආයතනය විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයක් බැවින් එහි ප‍්‍රමිතිය ගැන කිසිවකුටවත් ප‍්‍රශ්න කළ නොහැකි බවය.
එම කරුණු දැක්වීම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සැප්තැම්බර් 12 ,14 සහ 15 යන දිනයන් සඳහා කල් තබන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිගත්තා කළමනාකරණය උදෙසා.. වෛද්‍ය විද්‍යාව සදහා නොවේ
ලංකාවේ කොච්චර දොස්තරවරු හිටියත් ඔක්කොමල්ලම එකතුවෙලා එකට ස්ට්‍රයික් කරනවා. ඩෙංගුවලින් සියගානක් මිනිස්සු මරුන. වසංගත රෝග වලට පිලියමක් නැහැ. මුඛ පිලිකා වැඩයි. දත් වලට ප්‍රතිකාර කරන්න ක්‍රමයක් නැහැ. අවුරුදු ගණන් බලන් ඉන්න වෙනවා. මිනිසුන්ට සෞඛ්‍ය සඳහා හරියම් රක්ෂණ ක්‍රමයක් නැහැ. දොස්තරවරුයි රජයයි එකතුවෙලා මේවට පිළියම් කතාකරන්නේ නැතිව. හැමදාම වර්ජන. මොකට ඉගෙනගත්තද මන්ද? රජයේ දොස්තරවරුත් බලන්න ඉන්නේ උපාධිය අරගෙන, වැඩ කලයුතු නියමිත කාලය වැඩ කරලා පෞද්ගලික රෝහල් වල වැඩ කරන්නයි, පිටරට යන්නයි. ඉතින් පෞද්ගලිකව අධ්‍යාපනය ලැබුවට මොකද වෙන්නේ?
එයාගේ බූදලයද?
මේ සයිටමය වසා දමා අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන වගකීම රජය සතුයි
හදවතට එකගව සිතන්න මේ සයිටම් විරෝධය තනිකරම කුහකකමයි ඊර්සාවයි මත පදනම් වුන කිසිදා මහජන සහයක් නොලැබෙන දෙයක් බව පෙනේවි