IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තැපැල් සීමා පුළුල් කරන්න සබරගමුවෙන් යෝජනාවක්

 (අජිත්ලාල් ශාන්තඋදය)

රජයේ තැපැල් කාර්යාලවල ලිපි බෙදීමේ සීමාවන් වසර විස්සකට වැඩිකාලයක් තිස්සේ  පුළුල් නොවීමෙන් අලූතින් බිහිවූ ගම්මාන වලට ලිපි නොබෙදෙන නිසා එම ලිපි බෙදීමේ සීමාවන් පුළුල් කරන ලෙස මධ්‍යම රජයේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලමින් සබරගමු පළාත් සභාව යෝජනාවක් ඒකමතිකව සම්මත කළේය.

සබරගමු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත‍්‍රී රම්‍ය කුමාර වීරසිංහ මහතා ගෙනා යෝජනාව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ද අදහස් ඇතුව ස්ථිර විය.

එය මධ්‍යම රජයේ තැපැල් දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය කටයුතු සදහා දන්වා යවන බව සභාපති කංචන ජයරත්න මහතා සභාව වෙත දැනුම් දුන්නේ ය.
තැපැල් දෙපාර්තමේන්තුවේ මෙම ලිපි බෙදීමේ සිමාවන් අවසන් වරට වෙනස් කර ඇත්තේ 1994 වසරේ දී බව වීරසිංහ මහතා පැවසීය. මේ නිසා ගම්මාන ආසන්නයේ ඇති වෙළඳසැලක් හෝ වෙනත් පුද්ගලයකු බාරයේ ඔවුන්ට ලිපි ගෙන්වා ගැනීමට සිදුව ඇති බව මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ ය.

මෙය බොහෝ අවස්ථාවල විභාග, සම්මුඛ පරීක්‍ෂණ ආදි අත්‍යවශ්‍ය කාරණාවලදී මහජනයා මුහුණ දෙන බරපතල ගැටලූවක් බව මෙම යෝජනාවෙන් කියයි.



අදහස් (1)

තැපැල් සීමා පුළුල් කරන්න සබරගමුවෙන් යෝජනාවක්

himal Monday, 10 April 2017 01:18 PM

ඕකට විසඳුම තැපැල් සීමාව පුළුල් කරන එක නෙවෙයි. නව තොරතූරු තාක්ෂණ ක්‍රමවේද භාවිතයට ගන්න එක. මේ වෙනකොට ලංකාවේ බොහොමයක් පුද්ගලික ආයතන සම්මුඛ පරීක්ෂණ වගේ ඒවාට කැඳවන්නේ ඊ මේල් වලින්. තව දශකයක් වගේ ඇතුළත තැපෑලේ අවශ්‍යතාව අවම වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site