IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විපක්ෂ නායක රැස්වීමට ගල් ගැසූ දෙදෙනකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ජනහමුවකට සහභාගි වී සිටියදී   ගල් ප්‍රහාර  කීපයක්  එල්ල කළ පුද්ගලයන් දෙදෙනෙක්  අද  (30) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි .

ඊයේ  රාත්‍රී 9ට පමණ පැමිණි තිබූ විපක්ෂ   නායකවරයා ජන හමුව අමතමින්  සිටියදී වේදිකාව දෙසට   මෙම  ගල් ප්‍රහාර එල්ල කර තිබූ බව  පොලිසිය සඳහන් කරයි. එම  ගල් ප්‍රහාරවලින් විපක්ෂ නායකවරයාට කිසිදු තුවාලයක් සිදු නොවිය .
 
එහිදී මද වේලාවකට සිය කතාව නතර කළ විපක්ෂනායකවරයා නැවතත් කටහඬ අවදි කරවමින් "මදාවි යන්ට බයේ මම යන්නේ" නැහැ යයි සිය කතාව කථාව අතරතුර දී පැවසීය . සිද්ධිය වූ මොහොතේ සිට ක්‍රියාත්මක වූ ගල්කිස්ස පොලිසියේ නිලධාරීන්  ගල් ප්‍රහාර එල්ල කළ බව කියන පුද්ගලයන් දෙදෙනා  ඊට යාබද රස්ටම් වත්ත ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
ගල් ප්‍රහාර එල්ල කළ බව කියන පුද්ගලයන් දෙදෙනා එම අවස්ථාවේදී මත්පැන් ,අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කර  සිටි බවට අනාවරණය වීමෙන් පසු  එම සැකකරුවන් දෙදෙනා වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර ඇති බව    වෛද්‍ය වාර්තා වලින් ද   සනාථ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
 
ඔවුන් සිටින ස්ථානයේ සිට මීටර් ගණනාවක්    ඈතින් රතිඤ්ඤා හඬ ඇසුණු බවත් තමන් එම දෙසට  ගල් ප්‍රහාර එල්ල කර බවත් විපක්ෂනායකවරයා  සහභාගි වෙන රැස්වීමක් එම ස්ථානයේ පැවැත්වෙන බවට තමන්ට එම අවස්ථාවේ  නිසි මතකයක් නොතිබූ බවත්  සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි .  සැකකරුවන් දෙදෙනා තදින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බව බුද්ධි තොරතුරු තොරතුරු වලින්ද සනාථ වී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය 
 
වයස අවුරුදු 40 සහ 21 පසුවන සැකකරුවන් දෙදෙනා ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (5)

විපක්ෂ නායක රැස්වීමට ගල් ගැසූ දෙදෙනකු අත්අඩංගුවට

Dharmatileke Wednesday, 30 September 2020 08:36 AM

ගල්කිස්සේ පොලිසි බොහොම ඉක්මණින්ම වැරැදි කරුවන්ව සොයාගන්නවා. ප්‍රශංසාවට ලක්විය යුතු නිලධාරීන්..

:       1       15

ranji Wednesday, 30 September 2020 08:59 AM

මෙව්වා නම් පහත් වැඩ.. කවුද මේවා පිටුපස ඉන්නේ? 

:       1       18

BamunuarachchiFriday, 02 October 2020 02:30 AM

ඕනෙම බහු බූත කතා අහලා මල්මාලා දැම්මොත් හොඳයි, ගල් ගැසුවොත් වැරදී ඒකද කියන්නේ.

:       1       0

Hema Wednesday, 30 September 2020 10:37 AM

අරක්කු, අයිස් සහ ගංජා... ?

:       0       1

Bamunuarachchi Friday, 02 October 2020 02:31 AM

හූ කීම වලංගුද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site