IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පැමිණි බසයටම යට වී කතක් මරුට

(පාලිත ආරියවංශ )
 
වැලිමඩ ප්‍රධාන බස්නැවතුම්පොළේ දී ලංගම බස් රථයකට යටවි බරපතල තුවාල ලැබූ 51 හැවිරිදි කාන්තාවක්  වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව  වැලිමඩ පොලිසිය පවසයි .


මෙසේ මියගොස් ඇත්තේ බොරන්ද ගොවිපලේ සේවය කළ අඹගස්දෝව  බලගල ,වැරැල්ලහින්න පදිංචිව සිටි වාරණදුරයලාගේ ඉන්ද්‍රා නමැති කාන්තාවකි. 


කැප්පිටිපොල ‍ඩිපෝවට අයත්   හපුතලේ - වැලිමඩ බසයෙන් පැමිණි ඇය බසයෙන් බැස ඉදිරියට යද්දි  එම බසයේම හැපී රියදුරු අසුන පැත්තේ රෝදයට යටවී මෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කරයි. 


අනතුර සිදුකළ බසය සමඟ එහි  රියදුරා සහ  කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.

 
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත වැලිමඩ පොලිස් ස්ථානාධිපති එච්.එම්.ඩබ්ලිව් .හේරත් මහතාගේ මෙහෙයවීමෙන්  වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන  සිදුකරයි.



අදහස් (0)

පැමිණි බසයටම යට වී කතක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site