(උපාලි ආනන්ද)
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගැනීමට සූදානම් බව නඩුවේ විත්තිකාර හිටපු එල්ටීටීඊ සමාජිකයෝ දෙදෙනා අනුරාධපුර මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතාට අද දැනුම් දුන්හ.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ආරක්ෂක තත්ත්වය සොයා බැලීමට කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනෙකු වෙඩි තබා මරා දමා තිබිණි.
විත්තිකාර හිටපු කොටි සාමාජිකයින් දෙදෙනා වරද පිළිගන්නා බවට කර ඇති ප‍්‍රකාශය පිළිබඳව අධිකරණයේ සහ නීතිපතිවරයාගේ ස්ථාරවරය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රියාස් බාරි මහතා ලබන 29 වැනි දා අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව දැනුම් දීමට විනිසුරුවරයා තීරණය කළේය.
COMMENTS
අවුලක් නැහැ.. දැන් වරද පිළිගත්තනේ.. ඒ නිසා සමාව ලැබෙයි. මේ රටේ ඉන්නේ ත්‍රස්තවාදීන් වෙනුවෙන් පපුව උණුවෙන නායකයින් නිසා බය වෙන්න දෙයක් නැහැ. හැබැයි වැරදිලාවත් ත්‍රස්තවාදියෙක්වත් මරන්න එපා. එහෙම වුනොත් මරණ දණ්ඩනයත් ලැබේවි. මේ රට ඒ තරමට පිස්සන් කොටුවක්.
එතකොට කොබ්බෑකඩුව මහත්තයා මරපු වරද අහවල් කට්ටිය පිළිගන්නවද? ඒ ගැනත් වාර්තාවක් සපයලා දඬුවම් දුන්නු දවසට තමයි අපේ හිතට සැනසුමක් දැනෙන්නේ...