(මනෝප‍්‍රිය ගුණසේකර)
හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශූද්ධීකරණ පණත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුලි මස 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මෙහි විත්තිකාරියක වන පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම මහත්මියගේ දරුවා ඩෙංගු වැළදී රෝගීව ප‍්‍රතිකාර ලබන්නේ යැයි කියමින් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
2013 ඔක්තොම්බර් මස පළමුවැනිදාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
දුෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා, පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී සමරනායක, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව නමැත්තන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
COMMENTS
එක හුස්මට නඩු අහන උසාවි අතරින් පළවෙනි එක සඳහා ගොඩනැඟිල්ලක් නාවික හමුදාව තවම හද හදා ඉන්නවලු. එකේ වැඩ ඉවරවෙනකොට වෙසක් පෝය දෙක ඉබේම ගෙවිල යාවි.
ලංකාවේ උසාවිවලින් කරන්නේ නඩු කල්දාන එක විතරද? මේ වගේ නඩු කල් දාන උසාවි ලෝකේ වෙන කොහෙවත් නෑනේ... රන්ජන් කිව්වේ බොරු නොවෙයි. කලින් ආණ්ඩුවේ වැරදි කාරයින්ගේ නඩු අහලා බැඳුම්කර වංචාවට නඩු අහනකොට අපේ මුණුබුරන්ට තමා තීන්දුව දැනගන්න වෙන්නේ. මේ උසාවිවලට විරුද්ධව මූලික මිනිස් අයිතිවාසිකම් නඩු දාන්න ජාත්‍යන්තර අධිකරණයටවත් යන්න වෙයිද?
සාමාන්‍ය මිනිසුන් මේ නඩු කල්දැමීම නිසා පෙරකදොරුවන්ට මුදල් කොතරම් ගෙවනවාද? මෙවැනි කල් යන නඩු උසාවියට කැඳවීමට ප්‍රථම, දිනකට හෝ දෙකකට කලින් සියලු පාර්ශවයන්ට දැන්විය හැකි යාන්ත්‍රණයක් සකස් කළ නොහැකිද? අද නඩු මගට බහිනවා යයි කියන්නේ කල් මරමින් පෙරකදෝරුවන් පොහොසත් කිරීමයි.
නඩුව කල් යනකොට දැනෙන සතුට නේද? කට පළල් කරලා හිනාවෙන්නේ අපට ඔච්චමට වගෙයි පෙනෙන්නේ. තව අවුරුද්දයි මාස කීයද කියලා ගණන් බලනවත් ඇති නේද? නඩුව කැඳවන හැම දවසකම කාට හරි ප්‍රශ්නයක්.., බැරිකමක් කියලා වෛද්‍ය සහතිකයක් වගේ ලේඛනයක් ඉදිරිපත් කළාම වැඩේ නිකම්ම ගොඩ. ඇත්ත කථා කරපු අපේ රන්ජා පව් , අනේ!!!
දැන්නං හොඳටම ෂුවර් ලංකාවේ අධිකරණ ක්‍රමයක් නෑ කියල. රටම බලං ඉන්න දේශපාලන ස්ථාවරත්වයට සංවේදී නඩු. මේ නඩු කල් යන එකත් රංජන් අධිකරණ නිළධාරීන් සම්බන්ධව කළ ප්‍රකාශයත් අතර හොඳ සම්බන්ධයක් තියෙනවා.
මොහු හිත යටින් මහා තැනට බනිනවා ඇති .. මොන එකකට ඡන්දෙ කලින් තැබුවද කියලා ..රටේ නායකයාගේ චංචල ක්‍රියාකාරකම් අනුව අපේනම් විශ්වාසයක් නැහැ මේවාට නියම විනිශ්යක් ලැබේ කියා ..
ලංකාවේ නීතිය ගැන මහජනතාවගේ කලකිරීම ඉතා බරපතල කාරණයක්. හැමදාම ඉතිහාසයේ අධිකරණයට මිනිස්සුන්ගේ ගෞරවය තිබුණා. නීතියේ දෙවඟන එළිපිටම දුෂණය වූවා. දැන් රටවැසියාට කිසිම පිළිසරණක් නෑ.
20 වෙනකම් මේ ඔකොම කුණුකන්දල් නඩු කල්දමවී.