ඉන්දියාවේ ප්‍රවීණ සිනමා නළුවකු වන ශෂී කපූර් මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි.
මිය යන විට ඔහු 79වැනි වියේ පසුවිය. මුම්බායි නුවර කෝකිලාබෙන් ඩිරුබායි අම්බානි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු වසර ගණනාවක් වකුගඩු රෝගයෙන් පීඩා වින්දේය.
70 දශකයේ දී රිදී තිරයේ තරුවක් බවට පත්ව සිටි ශෂි කපූර් ගේ අභාවය වෙනුවෙන් ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද් සහ අගමැති නරේන්ද්‍ර මෝදි ශෝක පණිවිඩ නිකුත් කර තිබේ.
1938 මාර්තු 18වැනිදා උපත ලද ඔහු ජනප්‍රිය මෙන්ම ගාම්භීර චරිත නිරූපනයේ දක්ෂයෙක් විය. ඔහුගේ පියා වන ප්‍රීතිවිරාජ් කපූර් මෙන්ම සොයුරු රාජ් කපූර් ඇතුළු පවුලේ ඥාතීන් රැසක් පසුකලෙක ඉන්දීය සිනමා අඹරේ දිදුළන තාරකා බවට පත්විය.
1961 දී ධර්ම්පුත්‍ර චිත්‍රපටයෙන් සිනමා දිවිය ඇරඹූ ශෂී කපූර් 70 හා 80 දශකවල සිනමාපට 116කට පමණ රංගනයෙන් දායක විය. 1975 දී තිරගත වූ දීවාර්, 1978 දී තිරගත වූ සත්‍යම් සිවම් සුන්දරම්, ජූනූන් ආදී චිත්‍රපට රැසක ඔහු කළ රංගනයන් ප්‍රේක්ෂක සිත් සතන්හි සදානුස්මරණීය ලෙස සටහන් විය.
සිය විශිෂ්ට රංග පෞරුෂය හේතුවෙන්ම 2011 වසරේදී පද්ම භූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබීමට ශෂී කපූර් සමත්විය.


2025 නොවැම්බර් මස 04
167
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2059
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය සිනමා තරුවක් නිවී යයි
dewa Monday, 04 December 2017 03:27 PM
ඔබට නිවන්සුව අත්වේවා
Kando Monday, 04 December 2017 05:42 PM
තරුණ කල ඉතාමත් කඩවසම්, දක්ෂ නළුවෙක්.
Bamunuarachchi Monday, 04 December 2017 06:28 PM
උප්පජිත්වා නිරුජ්ජන්තී මේක ලෝක ස්වභාවයි. හින්දි රසිකයින් පිනවුවාට ස්තුතී.
Sanath Monday, 04 December 2017 07:13 PM
මගේ ගැටවර සමය වූ හැත්තෑව දසකයේ අග සහ අසුව දසකයේ මුල් වකවානුවේ දී අපව සිහින ලොවකට ගෙනයාමට මොහු සමත්විය. නමුත් කාලයේ නපුරු බව මොනවට විද්‍යමාන කරමින් ඔහු සමග අපිත් ජරාජීර්ණ වී මරුවා වාසයට සුදානම් වෙමින් සිටියයුතු වෙමු.
රාජුන් Tuesday, 05 December 2017 02:21 AM
ශෂි කපූර්ගේ ඉතාමත්ම චමත්කාරජනක රන්ගනය මා දුටුවේ හර්මන් හෙස් ගේ සිදධාර්ථ පොත අනුසාරයෙන් නිපදවන ලද සිදධාර්ථ ඉංග්‍රිසි චිත්‍ර පටයේයි. ශෂීට ඔහු ඇදහූ ආගමේ දැක්වෙන පරිදි විමුක්තිය අත් වේවායයි පතමි.