
(අංජුල මහික වීරරත්න)
අරගල කරන්න ඕනේ ගෙවල් හදන්න මිසක් ගෙවල් ගිනි තියන්න නොවෙි යැයිද අද රටේ ඇතිවෙලා තියෙන අර්බුදවලට අරගලකරුවනුත් වගකිව යුතු යැයිද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
" අරගල කළ යුත්තේ මිනිස්සු මරන්න නෙවෙයි, මිනිස්සු ජිවත් කරන්න. අරගල කළ යුත්තේ රටක් ගොඩනගන්න මිසක් රට වට්ටන්න නෙවෙයි, යනුවෙන් ද අමාත්‍යවරයා කීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (3) දින පැවැති ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි.
"ඒ අරගලයෙන් ලැබුණු දේ මොනවද?. අමාරුවෙන් ගොඩනඟාගත් ආර්ථිකය බිමටම වැටුණා. ජාත්‍යන්තරව අපිට තිබුණු කීර්තිය නැත්තටම නැති කළා. රජයක් ලෙස රට සම්බන්ධයෙන් සැලසුම් තිබුණා. වසර අවසානය වන විට රට තිබිය යුත්තේ කොතැනකද කියන දේ ගැන වැඩපිළිවෙලක් අපිට තිබුණා. කොවිඩ් නිසා වගේම ඊනියා අරගලය නිසාත් ඒ වැඩපිළිවෙල විනාශ වුනා. මේ ඊනියා අරගලය නොවුණා නම් අපි මුහුණ දුන් ආර්ථික අර්බුදයට බෙහෝ විසදුම් ලබා ගන්න තිබුණා යනුවෙන්ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
බදු එකතු කිරීමට අමතරව කප්පම් එකතු කිරීම කාර්යක්ෂම කරමින් රටේ ජතික ආදායම වැඩි කිරීමට ක්‍රම වේදයක් සකස් කීරීමට කැබිනට් අමාත්‍ය දුරයක් දැරීමට හැකි පුද්ගලයෙකු නම් කොට යාර තුනක් දිග බඳ පටියක් දිනා ගන්න.
රට බංකොලොත් කරපු හොරු ටිකවම තවත් තියාගෙන ඇමතිකම් දිදී නලවනකොට මෙහෙම කතා අහන්න වෙන එක පුදුමයක් නෙමෙයි , අරාබි රටක් වන ලෙබනනෙත් රට බංකොලොත් උන ගමන් ආණ්ඩු කරපු කට්ටිය අස්වෙලා ගියා , එකෙට අපේ හොරු , රටේම මිනිස්සු පාරට බැස්සත් එලවන්නත් බැහැ , යන්නෙත් නැහැ.
කෙටියෙන්ම කියන්න තියෙන්නේ.., නොදකින් කියලා.
ඔව්... ඊට කලින් ඔය බඩ තඩි හැත්ත රට කාලා ඉවර කරලා තිබුණේ... තාම මේ අයට ලැජ්ජ නෑනේ...!
අරගල කරුවෝ නිකන් ඇම්මට ගෙවල් ගිනි තිබ්බේ නැනේ. ඔය මහත්තුරු කට්ටිය ගෙන්වාගෙනලෙක්චර් දීලා අවුස්සලා ගහපු නිසා ලැබුන රිටන් එකක්නේ එක වග කියන්න ඕනේ වැඩේ අවුස්සපු උන්නේ. නිකන් බබා පාට් දාන්න එපා. මෙරටේ හැමෝම 69 ලක්ෂයක් ඌ පුන්නකු බුදින්නෝ නෙමේ.
අර්බුද නිසා අරගල ඇතිවුණා මිසක්, අරගල නිසා අර්බුද ඇතිවුණේ නෑ. මිනිස්සු තෙල්, ගෑස් ඉල්ලලයි පාරට බැස්සේ. නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියන්නේ මේවට තමයි. කාලකණ්ණි...!
අවුරුදු 50 -60 ක් දේශපාලනය කරලා මිනිස්සුන්ට කන්නත් නැති කරලා මේ අවුරුද්දේ අග වෙන්න ඇති රට ගොඩගන්න හිටියේ
71 කාළකන්නි ජෙප්පො අරගල කළා. (Utterly failed) 87-88 ඒ වසල ක්‍රියාව 2 වරටත් සාමකාමී සමාජයට මුදාහැරියා රට බාගෙට විනාශ කළා. අහිංසක ජනතාවගේ වාසනාවට චොප්පම වෙලා ගියා.[Same scenario] අවු. 34 පස්සේ බලල් හස්තයක් මුවාවෙන් දෝ 3 ආවා. සාධනීය වූ බවක් ස්පර්ශ කළා. දැන් මංමුලා වී විවිධ මානයන් ඔස්සේ දිශානතිය වෙනස් වෙලා වාගෙ. දැන් පෞද්ගලික න්‍යාය පත්‍ර කරා යොමුව පටන් අරං වගෙ. මෙි 3 වන අරගලයේ අවසානයද?????
මේක පුදුම කතාවක් නේ. අරගල කලේ අර්බුදය නිසා විනා අර්බුදය ආවේ අරගලයෙන් පස්සේ නෙවෙයි නේ. මුන්ට පිස්සු.
අම්මපල්ලා පස්ස පැත්තෙනුත් හිනායනවා මට. මේ කථාව කියන්නේ කප්පම් ගත්තුවාගෙන් ටිකක් අහුවෙලා අධිකරණයෙන් හිර දඬුවම්, වන්දි නියම වෙච්චි කෙනෙක්... මේවා අහගෙන ඉන්න මිනිස්සුන්ට තෑගි දෙන්න ඕනෑ.
නුඹලාට කප්පම් අරන් උසාවිවල වැරැදිකාරයින් වෙලා ලැජ්ජාවක් නැද්ද තනතුරු දරන්න...? අරගලයට ගහපු මහින්දලා සුදනන් වෙන්නේ කොහොමද? ඇඟ තිබ්බට මොළයක් නැති අය...
බයිල ගහන්න එපා
මිනිස්සු පාරට බැස්සෙ තෙල්, ගෑස් , විදුලි සහ ආහාර අර්බුදය ඇතිවු නිස, දැන් මෙ කියනවිදිහට තෙල් ,ගෑස් , විදුලි සහ ආරාර අර්බුදැ අතිවෙලා තිබෙන්නෙ මිනිස්සු පාරට බැස්ස නිසා, ම්හින්තලේ හාමුදුරුවො සරල විදිහට කියල දුන්න එව පිලිගන්නෙ නැතුව පිස්සු නැටුවොත් මහ බැංකු අදිපතිතුම කිව දේ සිදුවෙවි.
පුදුම අරගල කාරයෝ ටිකක්. උන් තෙල් නැව් නවත්තගෙන විදුලි බලාගාර වහගෙන සංචාරකයන්ට එන්න නොදී ඩොලර් ටික හංගගෙන ඉදලා තියෙන්නේ. මෙතුමලා අපේ රටට පට්ට කීර් තියක් දීලා තිබිලා තියෙන්නේ අරගල කාරයෝ කොමිස් ගහලා හොරාකාලා රට වට්ටලා විනාස කරාට
නිකං බාලාංශ පන්තියේ බොළඳ කතා කියවන්න එපා ඇමතිතුමා.රට බංකොලොත් කළේ ඔබතුමා ඇතුළු පොහොට්ටු කණ්ඩායම සහයෝගය දුන් දූෂිත පවුල් පාලනය හා ඒ වටා එක් රොක් වූ හොර නඩය බව කවුරුත් දන්නවා.අත්‍යාවශ්‍ය බඩු මුට්ටු ගිනිගණන් ගියා.රටේ ජනතාව ආර්ථික ප්‍රපාතයකට ඇද දැමූ දේශපාලුවන් සුරසැප වින්දා.තවමත් විඳිනවා.රටේ ජනතාව හාමතේ.රටේ ජනතාවගේ කුසගින්න ඇතුළු පීඩනය ඉවවහා ගියා.ඒ නිසා රට බංකොලොත් කළ දූෂිත කම්බා හොරුන්ට එරෙහිව පොදු ජනයා පාරට බැස්සා.කුපිත වුණා.ඒ පිටවුනේ රටේ දුක්විඳින ජනතාවගේ සැබෑ යථාර්ථය.මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කණ්ඩායම සිදුකළ අනීතික ප්‍රහාරය මේ ඇවිලෙමින් තිබූ ගින්න තව තවත් වැඩි කළා. පීඩිතයාට අසරණයාට එරෙහිව අද නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා. ඒත්,අනීතික ප්‍රහාරය සිදුකොට රට ගිණි කන්දක් බවට පත්කළ අය සුවසේ වැජඹෙනවා. ඒකයි තිත්ත ඇත්ත.
හරි. ඔවුන් පුනරුත්ථාපනය කර ආර්ථිකයට සිදුවන පාඩුව ඔවුන්ගෙන් පියවා ගත යුතුයි.
ඕවාට පිළිතුරු දෙන්න චන්දෙ තියන්න. ජනතාව ඉල්ලනේ චන්දෙ .ඔය බොරු කයිවාරු නෙමෙයි
ඉස්සෙලම ජනතවගෙ ප්‍රශ්න තේරෙන්නැති මේවගෙ නුගත් එවුන් එලවලම දාන්න ඔන, මේ මිනිස්සු තමයි රට කෑවෙ, ජනතාව සමකාමි අරගල කරන්න පෙලබුනෙ උඹලා අපට රටක් නැත්තටම නැති කලාට පසෙ, ජනතව සාදාරනයි.... ගියානම් හොඳයි දැන්වත් තොලොංචිවො මෙකෙන්.
අරගල කරන්න ඕන කප්පම්කාරයට පක්‍ෂව කියලද හිතාගෙන ඉන්නේ.
මේ අරගලකාරී අර්බුදය බිහිකෙරුවේ ‘‘පොහොට්ටු සහ රනිල් වික්‍රමසිංහ‘‘ කියන අරගලකාරයෝ..
අරගලයට පාර කැපුවේ දූෂිත බලලෝභී, බඩගෝස්තරවාදී දේශපාලුවන්... තමුන්ට මොනවා කියන්න බැරිද? ඒ කාලේ තමුන්ගේ තාත්තා, පවුලේ ඔක්කොම දේශපාලනයෙන් හොරාකාලාම බඩවඩා ගත්තු අය...!