IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


සයිටම් සිසුන් රජයේ වෛද්‍ය පීඨවලට ගන්නලු

රංජන් කස්තුරි
 
මාලබේ සයිටම් ආයතනයේ වෛද්‍ය සිසුන් රජයේ වෛද්‍ය පීඨවලට අනුයුක්තර කර එම ගැටළුවට විසඳුමක් ලබා දෙන්නැයි රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සහ සයිටම් දෙමාපිය සංගමය ඒකාබද්ධව ජනාධිපතිවරයා වෙත ලිඛිත යෝජනාවක් කර තිබේ.
 
පූර්වාදර්ශයක් නොවන පරිදි විශේෂ විධිවිධාන යටතේ එම සිසුන් රජයේ වෛද්‍ය පීඨවලට යොමු කිරීම ප්‍රශ්නය විසඳිය හැකි කඩිනම් ක්‍රියාමාර්ගය බව ද එහම ලිපියෙහි සඳහන්වේ.
 
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි සහ සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න යන මහත්වරුන්ගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත එම ලිපිය යවා ඇත. 



අදහස් (15)

සයිටම් සිසුන් රජයේ වෛද්‍ය පීඨවලට ගන්නලු

පිටිගල මිලානෝ Tuesday, 05 December 2017 10:29 AM

රජයේ වෛද්‍ය පීඨ වලට සිසුන් බඳවා ගන්නා ක්‍රම පටිපාටියක් තියෙනවා. අත්තනෝමතිකව අරින ලද ආයතනයක් වසා දමන විට එයට අත්තනෝමතිකව බඳවා ගත්ත සිසුන් රජයේ වෛද්‍ය විද්‍යාලයට අනුගත කරන්න යෝජනා කරන එකත් විහිළුවක්. නැති ප්‍රශ්න ඇති කරලා මේ රට තවත් විනාශ කරන්න එපා.

:       0       3

bandula Tuesday, 05 December 2017 10:30 AM

උපවාස කරලා ගුටි කාල අන්තිමේදී ධනපතියන්ගේ සුදුසුකම් අඩු දරුවන්න්ට නොමිලේ දොස්තර වෙන්න පාර කපනවා .80 ගන්නවල රාගම NCMC වලට වුනෙත් ඕක තමා

:       2       16

රවින් Tuesday, 05 December 2017 10:37 AM

ආපහු හොද්දට ලුනුදාන්න වගේ හදන්නේ. ජනාධිපතිතුමෝ සුපශාස්ත්‍ර වෙදියෙක්ව පත්කරලා තියෙන්නේ හොද්ද හදන්න. කුස්සියේ ඉන්න හැමෝම ලුණු නොදැම්මට කමක් නැහැ.නිකන් ලකුනු දාගන්න කහිනවා මෙයාලා.

:       0       0

naradha Tuesday, 05 December 2017 10:38 AM

ඔව්, එතකොට ඒ අයටත් ඉගෙනීම පසෙක තබා පාරවල් ගානේ ඇවිදිමින් රස්තියාදු විය හැකියි.

:       0       2

බද්රානි Tuesday, 05 December 2017 11:38 AM

එතකොට ඒ අයගේ දරුවන්ට ඉගෙන ගන්න සල්ලි ගෙවන්න ඕනත් මේ රටේ අසරණ ජනතාවද? ගැමුණු මහත්තය හිතනවා ඇති, ප්‍රයිවට් බස් වල යන මගියෝ ලංගමටත් නංවා ගන්නවා වගේ මේ වැඩෙත් කරන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් අපේ රටේ මෝඩයෝ නම් මේ වගේ දේවල් වලට එකපයින් එකඟ වෙනවා. මොකද, ඒ අය හිතන්නේ රජයේ කියන්නේ රටේ පාලකයින්ගේ සාක්කුවෙන් වියදම් කරන සල්ලි කියලනේ. අනික ඉතින් දරුවන්ව වැදගත් වෛද්‍යවරයෙක් කරන්න ඕනා නම් පිටරටකට යවලා උගන්වලා ඒ රටවල ඉන්න මිනිස්සුන්ට සේවය කරන්න සලස්වන්න. මොකද, මේ රටේ ඉන්න බහුතරයක් අමු තිරිසන්නුනේ. තොවිලයක් නටවලා ලෙඩ සනීප කරන්න පුළුවන් එවුන් තමයි මෙහෙ ඉන්නේ.

:       1       77

sunil Tuesday, 05 December 2017 12:11 PM

එහෙම ඉතින් ඔක්කොම සුදුසු කම් ඇති වෛද්‍ය සිසුන් රජයේ වෛද්‍ය විද්‍යාලවලට අරගන්නවානම් පුද්ගලික විශ්ව විද්‍යාල මොකටද?

:       119       1

Kumar (Galf) Tuesday, 05 December 2017 12:43 PM

ඉතා හොද තීරණයක්. සුදුසුකම් සපුරා ඇති සියලුම සිසුන්ට ඒ අවස්ථාව ලබා දීමෙන් සිසුන්ට අසාධාරනයක් වෙන්නෙත් නැහැ. වෛද්‍ය විද්‍යාල වල සිසුන්ට අසාධාරනයක් වෙන්නෙත් නැහැ.මේකෙන් අවශ්‍ය කරන සුදුසුකම් නැතුව සල්ලි වලින් විතරක් දොස්තරල වෙන්න හදන හොරුන්ගෙන් රටේ මහජනතාවත් බේරෙනව.

:       101       1

පාලිත Tuesday, 05 December 2017 12:52 PM

ඔක්කොටම පිස්සු

:       31       76

kumar (galf) Tuesday, 05 December 2017 12:57 PM

වහාම කලයුතු වැඩක්.

:       109       47

indika Tuesday, 05 December 2017 01:01 PM

මෙම විද්‍යාලය අහෝසි කරලා රට අවුරුදු ගණනක් පස්සට ගියා. පුළුවන් අය දැන් තමන්ගේ දරුවන් රට යවල උගන්න ගනී. පසුව එම රට යන අය හොදට ඉගෙන ගත්තම එම රටීන්ම නවතින්න දෙනවා. ලංකාවට පාඩුවක්. අපගේ උසස්පෙළ තරග විභාගයෙන් තෝරාගන්න ක්‍රමය හරි නැහැ. සමහරවිට දක්ෂයෝ පසුබහිනවා. පාඩම් කරන්න පුළුවන් ළමා අය දිනනවා. නමුත් උසස් පෙළ පැරදිලා ලෝකේ ජයගන්න ගොඩක් අය වෙන රටවලට ගිහින් ඉගෙනගෙන ඒමේ රටවලට වැඩ කරනවා.

:       680       182

rocky Tuesday, 05 December 2017 01:15 PM

බන කතා කොරනවද? මුදල් බලෙන් හොර පාරෙන් දොස්තරලා වෙන්න ගිය ඔය ගොල්ලන්ට වඩා ඇතුලත් වීමේ සුදුසුකම් තිබුන ළමයි තව ගොඩක් එළියේ ඇති! පලාතට වත් ගන්න එපා!

:       156       308

රොෂාන් Tuesday, 05 December 2017 02:28 PM

ඔය ළමයින්ට ප්‍රයිවට් බස් එකක් හෝ ත්‍රී වීලර් කීපයක් අරගෙන දෙන්න. ඒක තමයි අපේ රටට ගැලපෙන රස්සාව. වියදම් කරලා ඉගෙනගෙන හොඳ රැකියාවක් කරලා පිළිවෙලකට ජීවත් වෙන්න ඕනා නම්, පිටරටකට යන්න. ලංකාවේ මුදලට පෙරේත කුජීත දොස්තරලට වඩා, පිටරට කම්කරුවෝ, පය අටේ රස්සාව කරලා සැපට ජීවත් වෙනවා.

:       49       210

Bandula Silva Tuesday, 05 December 2017 02:42 PM

ඒ අයට සුදුසුකම් තිබේ නම් මෙම ජාතික අර්බුධයට හොඳ විසදුමක් වශයෙන් මෙය සුදුසුයි. ඒ ගැන දෙවරක් සිතන්න දෙයක් නැහැ. නමුත් නුසුදුසු අයට නම් මෙයින් සහන ලැබෙන්න ඉඩ දෙන්න සුදුසු නෑ.

:       0       0

විකුම් රංගන Tuesday, 05 December 2017 03:36 PM

සයිටම් ආයතනය හොඳ නැත්නම් කොහොමද එම ආයතනයෙන් ඉගෙනගත්තු ළමයින් හොඳ වෙන්නේ. මෝඩයින්ව අන්දවන, මෝඩ වැඩ තමයි ලංකාවේ අයට හරි යන්නේ. අනුකම්පාවට වෛද්‍ය උපාධිය පිරිනමන්න හදන ලෝකේ තියන එකම රට? කොහොමත් වර්තමානයේ ලංකාවේ ඔය මොකෙන් ඉගෙනගත්තත්, බිහිවෙන්නේ නියම කොන්දොස්තරයෙක් තමයි.

:       0       61

Reks Wednesday, 06 December 2017 12:50 AM

බස් මුදලාලි බංකොළොත්වෙලා. බස් එක ෆිනෑන්ස් එකෙන් ගත්තාම රියදුරුටයි, කොන්දොස්තරටයි ලංගමේ ජොබ් දෙමු නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1058 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1086 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site