
(සුමිත් ප්‍රේමතිලක, බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම්)
පානදුර සුමංගල විදුහලේ විදුහල්පතිවරයා රුපියල් එක්ලක්ෂ පනස් දහසන අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී අද (28) අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසීය.
පළමු ශ්‍රේණියට දරුවකු ඇතුලත් කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් සැකකරු විසින් ඉල්ලා ඇති අතර එකී මුදල රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වා අඩුකරවා ගෙන ඇති බව පවසයි
සැකකරු එම මුදල ලබාගනිද්දී සැඟව සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත්බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
පහුගිය කාලේ උද්ඝෝෂණ කරපු අය දැන් මොනවා කියයිද?
දැන් ජරාව කන්නෙ ඩිස්කවුන්ට් එහෙමත් දීලා...
දැන් ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති මාධ්‍යයට ඇවිත් කියනවද? තමන් අල්ලසට දූෂණයට විරුද්ධයි කියලා...!
කම්බ හොරපවුලකට රට බාර දිලා, පොඩි හොරු ගැන තමයි කියවන්නේ...!
වහාම ඊනියා චෝදනාවලින් අපේ සාමාජිකයාව නිදහස් කරව්... මීට විදුහල්පති සංගමය....
කොහොමද පිනාලා, ගුරාලා ළමයි ගැන කැපවෙන විදිය... පඩි මදි කියකියා කොරෝනා පතුරවමින් ළමයින්ගේ අධ්‍යාපනය විනාශ කළ මොවුන් කුඩාළමයාට පවා පාසලට දාන කොට පගාව අරගෙන දෙන ආදර්ශය මොකක්ද? ජෝසප් ස්ටාලින්ට, මහින්ද ජයසිංහ කියන අය මොනවද දන්නේ නෑ මේවාට කියන්නේ? ගුරුවරු නෙවෙයි ගුරුවරු නමින් පෙනී ඉන්න අමනයින්. දැන් ගුරු වෘත්තියට එන්නේ ළමයින්ට උගන්වන්න නෙමෙයි ටියුෂන් කරන්නයි, ළමයි පාසල් දානකොට පගා ගන්නයි... ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ වගේ පහළ පන්තියේ අය මේ ගෞරවනීය වෘත්තීය විනාශ කළා. ගොං ආණ්ඩුව පඩි නවත්තනවා වෙනුවට මෙයාලාට නැමුණා..
හොරකම, අල්ලස, දූෂණය කව්රු කළත්, දඬුවම් දීමට පසුබට නොවීය යුතුයි. ඒත්, රටේ අගමැතිගේ ගිණුමෙන් කෝටි ගණනින් මුදල් හොරකම් කරා. ඒත්, අල්ලන්න කිසිවෙකු හෝ නැහැ. එක රටක්.. එක නීතියක්..
රටේ මහා එකා ගහන පගාව පෙන්නේ නෑනේද ඔය මොකෙක් ට වත් .සාමාන්‍ය මිනිහෙක් කරන,වැරදි විතරයි ඔකොටම පෙන්නේ.බලු නිතිය...වෙලාවකට මට හිතෙනවා බොම්බයක් බැඳගෙන ඔය මහා එඋන්ගෙ ගෙට පැනලා මරාගෙන මැරෙන්න .අහිංසක මිනිස්සු ඉට පස්සෙ වත් සතුටක් ලැබෙයි නේ