ක.ග කරුණාරත්න
මේ රටේ ජාතික සමගිය ගොඩනැගීම සඳහා කාන්තා බලවේග ශක්තිමත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(08) පස්වරුවේ පොළොන්නරුවේ පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ජාතික උළෙලේ දී පැවැසීය.
මේ රටේ සමස්ත කාන්තා පරපුරට මව්වරුන්ට, දියණියන්ට සහ සහෝදරියන්ට මේ සඳහා ඉතා ගෞරවයෙන් ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා කීය.
පසුගිය දා මහනුවර ඇතිවූ සිදුවීම් පිළිබඳව සිහිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ එම සිදුවීම් වලින් වැඩිපුරම කඳුලු හෙළුවේ වේදනා වින්දේ අම්මාවරුන් යැයි තමන් සිතන බවය. ඒ පීඩාව සිංහලද දෙමළද මුස්ලිම්ද මැලේද බර්ගර්ද කියන එක නොව ප්‍රශ්නය කෙනෙකුට කරන හිරිහැර ජීවිත තර්ජන, මරණීය තර්ජන, මරණය මොන පැත්තට කළත් එය අමානුෂික, ම්ලේච්ඡ යැයි කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය සමාජයේ සෑම කෙනෙක්ම තේරුම් ගත යුතු යැයිද කීය.
මේ සියලු සංවිධානවල හඬ, හෘද සාක්ෂිය, මව්වරුන්ගේ හඬ, දියණියන්ගේ හඬ, සහෝදරියන්ගේ හඬ මේ සමාජය තුළ විෂම වී තිබෙන බව කී ජනාධිපතිවරයා මනුෂ්‍යත්වය අහිමි කරන මේ ගැටුම්, මේ ම්ලෙච්ඡත්වය, ජාතිවාදය, ජාතික සමගිය සුනු විසුනණු කිරීම් වලටත් කාන්තාව පෙරමුණ කර ගත යුතුයි ශක්තිමත් විය යුතු යැයි ද මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා කරන අයට විරුද්ධව හඬ නගන්නට, සංවිධානය වීම මේ කාලය තුළ වගකීමක් හා යුතු යුතුකමක් බව ද පැවසීය.
කාන්තා හා ළමා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ද උසත්සව සභාව ඇමතුවාය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමගියට පෙරගමන් යන්න ජනපතිගෙන් කාන්තාවන්ට ඇරැයුම්
රජින්ද Thursday, 08 March 2018 05:39 PM
අනේ ඉතින් මේ රටේ විධායකය නේද මේ. වැඩ නැති උනාට ලොරි ටෝක් නම් තියෙනවා මදි නොකියන්නම.
lalith Thursday, 08 March 2018 10:34 PM
ජනාධිපති තුමෝ කරන්න යන වැඩේ නම් හොඳයි. ඒ උනත් ඕකට ඔයකට්ටිය ගාවගත්තොත් නම් කෙස්වලු පටලවාගෙන මහා ගාලගෝට්ටියක් වෙලා තමයි නතර වෙන්නේ. ඔන්න කිව්වා. ආයේ පස්සේ නොකිව්වා කියන්න එපා.